(සුමිත් පොතුපිටිය)
මතුගම තිදරු මවක වෙඩිතබා ඝාතනය කිරීම සැලසුම් කළ බව කියන පුද්ගලයකු අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම බාලිකාව පාරේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
ඉකුත් ඉකුත් 15 දා රාත්‍රී මතුගම ගාමිණී මාවතේ පදිංචිව සිටි තිදරු මවක වූ චන්දිමා දිලහානි පෙරේරා (40) යන අයගේ හිසට වෙඩිතබා ඝාතනය කර තිබුණි .
ඒ අනුව කළ පරීක්ෂණ වලදී ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් මතුගම ප්‍රදේශයේ සංව්ධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ බිරිඳ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
තිදරු මව ඝාතනය සැලසුම් කරමින් එයට අනුබල දුන් පුද්ගලයා කළුතර කැලිඩෝ වෙරළ තීරයේ රැදී සිටින බවට ලද තොරතුරක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ගමන් මල්ලේ සඟවාගෙන තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයාගත් බව පොලිසිය කීය .
මතුගම ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙසින් තිදරු මව ඝාතනයට ලක්ව ඇති අතර විරුද්ධ පාර්ශවයෙන් තර්ජනයක් එල්ලවේයැයි සැකයෙන් අත්බෝම්බය ළඟ තබා ගත් බවට හෙලිව ඇතැයි උසස් පොලිස් නිළධාරියෙක් කීය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
මතුගම තිදරු මව ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු