IMG-LOGO

මැණික විකුණන වැඩේ කොහොන අතට ගනී

(සුජිත් හේවාජුලිගේ )

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික මැණික් පතලකින් හමුවූ මැණික් පොකුර විකුණා ගැනීමට චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මැදිහත්ව සිටින බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලිත කොහොන මහතාට පෞද්ගලිකවම උපදෙස් ලබාදී ඇතැයිද දැනගන්නට ඇත.

චිනයේ මැණික් මිලදී ගන්නා ධනකුවේරයන් සිටින හෙයින් ඒ පිරිස් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

මේ අතර මෙම මැණික් පොකුර සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් විවිධ විමසීම් කර ඇති බව මැණික් හා මැණික් ආශිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රටේ මුදල් ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක් බවත් අයිතිකරුගේද කැමැත්ත අනුව මෙය හැකි ඉක්මනින්ම විකුණා ගැනීමට බලාපොරොත්තු වන බවත් මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය .

රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වූවකි.

මෙය ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස සැලකේ.

කිසියම් ස්ථානයක විශේෂ ආරක්ෂක රැකවරණය යටතේ තැන්පත් කරනු ලැබ ඇති මෙම මැණිකේ වටිනාකම තක්සේරු කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (4)

මැණික විකුණන වැඩේ කොහොන අතට ගනී

සිරි Monday, 02 August 2021 09:51 AM

කොහොන මහත්මයා විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක්. මෙම ගනුදෙනුව පුද්ගල ප්‍රතිලාභයට වඩා රටට වැඩදායක විදිහට කරයි කියලා හිතන්න පුළුවන්...

:       1       1

පප්ප Monday, 02 August 2021 10:15 AM

බැසිල් වගේ කොමිස්පාරක් කොල්ලා දාගනියි. තිත්ත අවසානය, හිතපු තරම් මැණික වටින්නෙ නැහැ...

:       0       1

ලුම්බිණි Monday, 02 August 2021 10:32 AM

චීනයේ විතරද මැණික් මිලදී ගන්නා ධනකුවේරයන් ඉන්නේ...?

:       0       1

Hafeel Monday, 02 August 2021 01:32 PM

ආණ්ඩුවේ නොහැකියාව කල්මරන්න තවත් සංදර්ශනයක්. මේ වැඩේට චීනය අල්ලන්නත් ඕනේ... ඔය අස්සෙන් කොතලාවල පනතත් සම්මත කරගන්න පුළුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 139 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site