(සුජිත් හේවාජුලිගේ )
ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 10ක තොගයක් ලබන 15 වැනිදා මෙරටට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය .
එම එන්නත් මහනුවර ප්‍රදේශයේ ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර අස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක්ද ඉදිරි දිනවල ලැබීමට නියමිතව ඇති බවත් ඒවා කොළඹ ප්‍රදේශයේ ජනතාවට ලබා දීමෙන් පසුව ඉතිරිවන අට ලක්ෂ හැට දහසක එන්නත් තොගය කෑගල්ල ප්‍රදේශයට ලබාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවසුවේය.
ඉදිරියේදී ලැබෙන ෆයිසර් එන්නත් වව්නියාව සහ මන්නාරම යන ප්‍රදේශවල ජනතාවට ලබාදෙන බවද ඔහු කීවේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මොඩර්නා එන්නත් ලක්ෂ 10ක් ලබන 15 වැනිදා දවයිනට
Narada Saturday, 10 July 2021 11:43 AM
ඔබට ස්තුතියි..!!!
Nishantha Saturday, 10 July 2021 12:24 PM
සංචාරක හෝටල්වලට දෙන්නේ නැද්ද?
සාධාරණය Saturday, 10 July 2021 12:37 PM
ස්පුට්නික් එන්නත් සියල්ල මහනුවර යවා මොඩර්නා එන්නත්ද මහනුවරට දී බස්නාහිර බහුතරයට සයිනොෆාම් දුන්නේ කුමන පදනම මතද? මොඩර්නා යනු පාසැල් දරුවන්ට ඉතා සුදුසු එන්නතක් බව එක්සත් රාජධානියේ පිළිගැනීමයි. ගැලපෙන එන්නත් නොමැතිව අනාගතයේ පාසැල් දරුවන්ට අත්වන ඉරණම කුමක්ද?
Sri Lanka Saturday, 10 July 2021 04:03 PM
ලෝකයේ තියෙන හැම කුණු ගොඩක්ම ගෙනැල්ලා මිනිස්සුන්ට ගහනවා. ඊළඟ ආණ්ඩුව ආවාම වෙනම එන්නතක් ගේන්න එයි.... හැදෙන අතුරු ආබාධවලට... ජයවේවා..!!!
Nihal Saturday, 10 July 2021 04:57 PM
යුරෝපයේ සයිනොෆෝම්, ස්පුට්නික් අනුමත නෑ.. එම රටවල ඒවට හරි ඊරිසියයිනේ.. අපි කොහෙන්ද මොඩර්න්, ෆයිසර්, ඇස්ට්‍රා හෝ ජොන්සන් විදගන්නේ...?