IMG-LOGO

මඩකලපු සරසවිය වෙනුවෙන් අරාබි ණයක් ලංකා බැංකුවට ලැබී නැහැ

(තිළිණි ද සිල්වා)
 
මඩකලපුව ෂරියා විශ්ව විද්‍යාලය සතු කොල්ලූපිටිය ශාඛාවේ පවත්වා ගෙන යන ගිණුමට සෞදි අරාබියෙන් කිසිදු ණය මුදලක් බැර වී නැතැයි ලංකා බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ පේ‍්‍රෂණ අංශයේ කළමනාකරු ජනක් ප‍්‍රසංග මහතා අද (20) රජයේ ආයතන වල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට ප‍්‍රකාශයක් දෙමින් දැනුම් දී ඇත.
 
වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ෂරියා විශ්ව විද්‍යාලයට එරෙහිව ගොනු කළ පැමිණිල්ලට අදාළව ප‍්‍රකාශ සටහන් කර ගැනීමට ලංකා බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ ප්‍රේෂණ අංශයේ කළමනාකරු අද එම කොමිසමේ පොලිස් ඒකකයට කැඳවා තිබිණි. එහිදී එම පොලිස් ඒකකයට ප‍්‍රකාශයක් ලබා දෙමින් එම කළමනාකාරවරයා මේ බව සඳහන් කර ඇතැයි එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 


පැමිණිල්ලට අදාළව එම කළමනාකාරවරයාගෙන් අද පෙරවරුවේ සිට පැය තුනකට ආසන්න කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත් බවද එම නිලධාරියා කියා සිටියේය.


 
අදාළ විශ්ව විද්‍යාලයට අයත් ගිණුමක් ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පවත්වා ගෙන ගියද සෞදි අරාබියෙන් ලැබුණ කිසිදු ණය මුදලක් එම ගිණුමට බැර වී නොමැති බවත් , එවැනි මුදල් තැන්පත් කිරීමට මහ බැංකුවේ විශේෂ අවසරයක් ඇතිව සිදු කළ යුතු ක‍්‍රියාවලියක් බවත් ලංකා බැංකු ප‍්‍රධාන කාර්යාලයේ පේ‍්‍රෂණ අංශයේ කළමනාකරුගේ ප්‍රකාශයේ සඳහන් වෙතැයි දැනගන්නට තිබේ.
 


රජයේ ආයතන වල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය මීට පෙර නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.ඒ .එල්.එම්.හිස්බුල්ලා මහතාගෙන් ඉකුත් 14 වැනිදා පැය තුනක කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත් අතර එහිදී ඔහු පැවසුවේ එම විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු සඳහා සෞදි අරාබියෙන් ණය මුදලක් ලබා ගත් බවයි.
 


මඩකලපුව පූනානි හි පවත්වාගෙන යන ෂරියා විශ්ව විද්‍යාලයට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති  තීනියාවල පාලිත හිමියන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.



අදහස් (11)

මඩකලපු සරසවිය වෙනුවෙන් අරාබි ණයක් ලංකා බැංකුවට ලැබී නැහැ

Thilina Thursday, 20 June 2019 03:10 PM

දැන් එතකොට කොමිසම ඉදිරියේ බොරු සාක්ශි දුන්නු වරදට හිස්බුල්ලා අත්අඩංගුවට ගන්න පුලුවන් නේද ? ආගමේ නාමයෙන් දිවුරලා බොරු කියපු මේ කෙනා ගැන අනිත් මුස්ලිම් නායකයෝ මොකක්ද කියන්නේ

:       101       790

MaheeFriday, 21 June 2019 01:23 AM

ඔබ බොරු සාක්ෂි දුන්නා නම් හිරේ, මම බොරු සාක්ෂි දුන්නා නම් හිරේ, ගමේ අහිංසකයෙකුට කිබුහුමක් ගියත් හිරේ, නීතියේ ආධිපත්‍යය ඒ තරම් බලවත්, තේරුනාද?

:       0       273

Amal Thursday, 20 June 2019 03:27 PM

දී කිරට බළල්ලුත් සාක්කි වගේද?

:       42       159

Sriyal Thursday, 20 June 2019 04:24 PM

මේ අය ජාතිවාදය ඉදිරියට දමා යහමින් මුදල් ගරලා තියෙන්නේ. දැන් ඔක්කොම එළියට එනවා. ඒත් නීතිය ක්‍රියාත්මක වේ ද කියලා නම් ප්‍රශ්නයක්

:       125       665

PA - RA Friday, 21 June 2019 01:50 AM

සල්ලි ආවේ කොහෙන්ද ? ඔය ආයුදත් එන්නේ හොර පාරේ එහෙම වෙන්ටෑ..

:       2       140

කුමාර Friday, 21 June 2019 02:26 AM

දේශපාලුවන් ප්‍රශ්නය වෙනතකට හැරවීමට උත්සාහ කරන බවක් පෙනෙනවා. පාස්කු ප්‍රහාරයේදී නොසැලකිලිමත් වූ දේශපාලුවන් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම මත තබා පස් ගැසා සදාකාලිකවම දේශපාලන වශයෙන් නිහඬ කරවීමට ජනතාව පෙරට පැමිණිය යුතුය.

:       15       243

saliya Friday, 21 June 2019 02:51 AM

කවදා කොහොම ,කාගේ ආශිර්වාදයෙන් මේවා සිදුවුනා ද? සැඟවුණු ඇත්ත, අලගිය මුලගිය තැන සියල්ල එලියට ආ යුතුය. කරුණාකර බාධා කිරීම් වලට යටත් නොවී, ස්වාධීන විමර්ශනය කරන්න. ලොක්කන් ගේ තීන්දු වලට සාක්කි ගලපන්න නම් එපා.

:       0       169

Ratta Friday, 21 June 2019 03:35 AM

එහෙනම් බලන්න වෙනවා කලින් ආණ්ඩුවේ කළු සල්ලිද කියලා

:       436       458

Akila Friday, 21 June 2019 04:45 AM

පුපුරන ද්‍රව්‍ය හොර පාරෙන් ලැබිල වගේ ,මුදලුත් හොර පාරෙන් තමයි ලැබිල තියෙන්නේ ,

:       0       88

වීරවිජේ Friday, 21 June 2019 05:33 AM

අනේ හරිම දුප්පත් සරසවියක්. බැංකු ගිණුමක් ඇරගන්න රුපියල් 25ක් නැහැ. 1 ගිණුමයි ලු තියෙන්නෙ. පවු. අපිත් කීය කීය හරි ‌එකතු කරල ‌‌‌ද‌ෙමු.

:       0       100

sampath Friday, 21 June 2019 08:26 AM

""අනිවාර්යෙන් මහින්දගේ ට්‍රිලියන 18 න් තමයි ඕකට සල්ලි දීල තියන්නේ."" අනුර කුමාරයයි / දත් දොස්තර මහත්තයයි හෙට අනිද්දම කියයි.

:       13       230

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 133 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site