(ආනන්ද ඉ. ජයකොඩි සහ තිලකරත්න දිසානායක)
මඩකලපුව කතෝලික දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීමට පැමිණි බව කියන යතුරු පැදි දෙකෙන් ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් පොලිස් කණ්ඩායම් තුනක් ඒකාබද්ධව අද (28) දවස පුරා කරන ලද සෝදිසි මෙහෙයුමකදී එහි නිවසක සඟවා තිබියදී සොයා ගෙන ඇත.
රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට ලද තොරතුරකට අනුව නිට්ටඹුව පොලිසිය ගම්පහ බුද්ධි තොරතුරු ඒකකය හා නිට්ටඹුව පොලිස් නිල සුනඛ අංශය ඒකාබද්ධව අද දවස පුරා තිහාරිය ප‍්‍රදේශයේ මෙම යතුරු පැදිය සොයා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් සිදුකරනු ලැබීය.
මෙදින පස්වරුවේ තිහාරිය ජුනයිට් මාවතේ නිවසක සඟවා තිබියදී යතුරු පැදිය එසේ සොයා ගෙන ඇත.
යතුරු පැදිය මුස්ලිම් ගම්මානයේ කුලී නිවසක සඟවා තිබූ බවද පොලිසිය කීය. යතුරු පැදියේ අංක තහඩුවද කෑලි 36 කට කපා සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් භාවිතා කළ යතුරු පැදි පහෙන් එකක් මෙම යතුරුපැදිය බවත්, මඩකලපුව කතෝලික දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සඳහා පැමිණි එක් යතුරු පැදියක් මෙය බවද රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය සනාථ කර ඇති බව නිට්ටඹුව පොලිසියේ ප‍්‍රකාශකයෙකු පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මඩකලපු ප්‍රහාරයට යොදාගත් යතුරු පැදියක් තිහාරියෙන් අල්ලයි
Dhammika-Nittambuwa Sunday, 28 April 2019 03:07 PM
තිහාරියේ මුස්ලිම් ගම්මානයේ ගෙවල්වල මෙරට නිෂ්පාදිත බෝම්බ, කඩු ඇති බව කාලයක සිට ප්‍රදේශයේ සිංහල ජනතාව අතර මතයක් තිබුණා පොලිසියත් ඒ බව දැනන් හිටියා. නමුත් කිසිදෙයක් කලේ නැහැ. ඔය ප්‍රදේශයේ බයිසිකල් පදින්නේ හෙල්මට් නැතුව, පාරේ යන්න නියමිත පැත්තක් නැහැ, තව හොඳ හොඳ ඒවා තිබ්බා.. දැන්වත් මේවා අහුවුණා එ්ක ලොකු දෙයක්.. තව හොඳට හමුදාව සමග සෝදිසි කරන්න.. ආරක්ෂක හමුදාවලට ජය.!!!
sa.path Sunday, 28 April 2019 04:48 PM
මේ හැම කමෙන්ට් එකටම ඩිස්ලයික් විතරයි. එහෙම වෙන්නේ කොහොමද? සමහර පළාත් මුදා නොගත් ප්‍රදේශ වගේ තමයි තියෙන්නේ හැමෝටම එක විදියට සලකන්න.
Pradeep hemantha Sunday, 28 April 2019 06:15 PM
තිහාරිය පැත්තේ කාලයක් මමත් වැඩ කරලා තියනවා, එහෙ මිනිස්සුන්ට බයික් වල යන්න හෙල්මට් ඕනි නැ ඒක අපිට පේන කොට හරි පිළිකුල් පාරේ යන්න පැත්තක් නැ හරියට අරාබිය වගෙයි රටේ නීතිය පොඩ්ඩක් වත් මෙයාල ගණන් ගන්නේ නැ පොඩි ළමයි පවා හැදෙන්නේ ඒවා බලාගෙන.
Sam Monday, 29 April 2019 01:32 AM
මඩකලපුවේ සිට තිහාරියට බයිසිකලය ඉබේ පැමිනියේද?
මුණසිංහ Monday, 29 April 2019 02:13 AM
ධම්මික කියන කතාව තිවාරියට විතරක් නොවෙයි. මුලු රටටම අදාලයි. විශේෂයෙන්ම සයින්දමරුදුවල තිබුනේ වෙනම රාජ්‍යයක්. මුස්ලිම් ඒකකයක් ඉල්ලු වෙලාවේ දේශපාලකයන් හැසිරුනු ආකාරය? දැන්වත් රටේ ජන වර්ගය නොසලකා සියලු දෙනාටම එකම නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය වග බලාගන්න ඕන. නැතිනම් අනෙක් අයත් හෙල්මට් නැතිව පාරේ යන්න පටන් ගන්නවා.
Saman Monday, 29 April 2019 03:08 AM
වතුපිටිවල රුක්ගහවිල පළාතම පරික්ෂා කරන්න