IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මඩකලපු ප්‍රහාරයට යොදාගත් යතුරු පැදියක් තිහාරියෙන් අල්ලයි


 
 
(ආනන්ද ඉ. ජයකොඩි සහ තිලකරත්න දිසානායක)
 
 
මඩකලපුව කතෝලික දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීමට පැමිණි බව කියන යතුරු පැදි දෙකෙන් ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් පොලිස් කණ්ඩායම් තුනක් ඒකාබද්ධව අද (28) දවස පුරා කරන ලද සෝදිසි මෙහෙයුමකදී එහි නිවසක සඟවා තිබියදී සොයා ගෙන ඇත.

රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට ලද තොරතුරකට අනුව නිට්ටඹුව පොලිසිය ගම්පහ බුද්ධි තොරතුරු ඒකකය හා නිට්ටඹුව පොලිස් නිල සුනඛ අංශය ඒකාබද්ධව අද දවස පුරා තිහාරිය ප‍්‍රදේශයේ මෙම යතුරු පැදිය සොයා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් සිදුකරනු ලැබීය. 

මෙදින පස්වරුවේ තිහාරිය ජුනයිට් මාවතේ නිවසක සඟවා තිබියදී යතුරු පැදිය එසේ සොයා ගෙන ඇත.

යතුරු පැදිය මුස්ලිම් ගම්මානයේ කුලී නිවසක සඟවා තිබූ බවද පොලිසිය කීය. යතුරු පැදියේ අංක තහඩුවද කෑලි 36 කට කපා සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් භාවිතා කළ යතුරු පැදි පහෙන් එකක් මෙම යතුරුපැදිය බවත්, මඩකලපුව කතෝලික දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සඳහා පැමිණි එක් යතුරු පැදියක් මෙය බවද රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය සනාථ කර ඇති බව නිට්ටඹුව පොලිසියේ ප‍්‍රකාශකයෙකු පැවසීය.



අදහස් (6)

මඩකලපු ප්‍රහාරයට යොදාගත් යතුරු පැදියක් තිහාරියෙන් අල්ලයි

Dhammika-Nittambuwa Sunday, 28 April 2019 03:07 PM

තිහාරියේ මුස්ලිම් ගම්මානයේ ගෙවල්වල මෙරට නිෂ්පාදිත බෝම්බ, කඩු ඇති බව කාලයක සිට ප්‍රදේශයේ සිංහල ජනතාව අතර මතයක් තිබුණා පොලිසියත් ඒ බව දැනන් හිටියා. නමුත් කිසිදෙයක් කලේ නැහැ. ඔය ප්‍රදේශයේ බයිසිකල් පදින්නේ හෙල්මට් නැතුව, පාරේ යන්න නියමිත පැත්තක් නැහැ, තව හොඳ හොඳ ඒවා තිබ්බා.. දැන්වත් මේවා අහුවුණා එ්ක ලොකු දෙයක්.. තව හොඳට හමුදාව සමග සෝදිසි කරන්න.. ආරක්ෂක හමුදාවලට ජය.!!!

:       0       705

sa.path Sunday, 28 April 2019 04:48 PM

මේ හැම කමෙන්ට් එකටම ඩිස්ලයික් විතරයි. එහෙම වෙන්නේ කොහොමද? සමහර පළාත් මුදා නොගත් ප්‍රදේශ වගේ තමයි තියෙන්නේ හැමෝටම එක විදියට සලකන්න.

:       0       0

Pradeep hemantha Sunday, 28 April 2019 06:15 PM

තිහාරිය පැත්තේ කාලයක් මමත් වැඩ කරලා තියනවා, එහෙ මිනිස්සුන්ට බයික් වල යන්න හෙල්මට් ඕනි නැ ඒක අපිට පේන කොට හරි පිළිකුල් පාරේ යන්න පැත්තක් නැ හරියට අරාබිය වගෙයි රටේ නීතිය පොඩ්ඩක් වත් මෙයාල ගණන් ගන්නේ නැ පොඩි ළමයි පවා හැදෙන්නේ ඒවා බලාගෙන.

:       0       0

Sam Monday, 29 April 2019 01:32 AM

මඩකලපුවේ සිට තිහාරියට බයිසිකලය ඉබේ පැමිනියේද?

:       0       0

මුණසිංහ Monday, 29 April 2019 02:13 AM

ධම්මික කියන කතාව තිවාරියට විතරක් නොවෙයි. මුලු රටටම අදාලයි. විශේෂයෙන්ම සයින්දමරුදුවල තිබුනේ වෙනම රාජ්‍යයක්. මුස්ලිම් ඒකකයක් ඉල්ලු වෙලාවේ දේශපාලකයන් හැසිරුනු ආකාරය? දැන්වත් රටේ ජන වර්ගය නොසලකා සියලු දෙනාටම එකම නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය වග බලාගන්න ඕන. නැතිනම් අනෙක් අයත් හෙල්මට් නැතිව පාරේ යන්න පටන් ගන්නවා.

:       0       0

Saman Monday, 29 April 2019 03:08 AM

වතුපිටිවල රුක්ගහවිල පළාතම පරික්ෂා කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site