IMG-LOGO

මිචෙල් බැචලේ යළි ලංකාව ගැන කතා කරයි

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ තවදුරටත් පුද්ගලයන් අතුරුදන් කරවීම පිළිබද නොවිසිදුණු ගැටලු පවතින බව මානව හිමිකම් පිළිබද එක්ස්ත් ජාතීන්ගේ මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ ප්‍රකාශ කරනු ලැබ ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජ ,මානුෂිය සහ සංස්කෘතික කාරක සභාව වෙත තොරතුරු ලබා දෙමින් මානව හිමිකම් කොමසාරිස්වරිය මේ බව කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ වගවීමේ ගැටලු පිළිබදව බහුතර රටවල අනුමැතියෙන් ක්‍රියාත්මක 48/20 සහ 46/1 යන මානව හිමිකම් කවුන්සිල යෝජනා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඇය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත පෙන්වා දුන්නාය.

මෙම අතුරුදන් කරවීම් සහ අතුරුදහන් කර වූවන් පිළිබද යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට සිය කාර්යාලය මැදිහත්ව කටයුතු කරන බවද මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරිය ඒහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ඝනිස්ථානය , බංග්ලාදේශය , බුර්කිනා ෆාසෝ , මධ්‍යම අප්‍රිකානු ජනරජය , ලිබියාව , මාලදිවයින සහ සුඩානය ඇතුළු රටවල් රැසක මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබදවද මානව හිමිකම් කොමසාරිස්වරිය මෙහිදී කරුණු දක්වා ඇත.

 



අදහස් (2)

මිචෙල් බැචලේ යළි ලංකාව ගැන කතා කරයි

sharm warn Monday, 18 October 2021 04:07 PM

මිෂෙල් නෝනේ.. අපිට නීතියක් නැති එකට මුකුත් කරලා දෙන්න බලන්නකෝ...

:       3       13

පැරකුම්Monday, 18 October 2021 04:51 PM

මහින්ද මහත්තයට කියලා මිචෙල් නෝනගෙ පිටට තට්ටුවක් දම්මන්න වැඩේ ගොඩ…!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 160 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site