IMG-LOGO

මෙගා වොට් 1000ක් විදුලිබල පද්ධතියට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පුනර්ජනනීය බල ශක්තියෙන් මෙගා වොට් 1000ක් විදුලිබල පද්ධතියට මේ වසරේදී එකතු කිරීමට කටයුතු කරන බව විදුලිබල ඇමැතිනි  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී  අද (10) පැවසුවාය.

පුනර්ජනනීය බලශක්තිය විදුලිබල පද්ධතියට එකතු කිරීමට හැකි වන සේ  විදුලිබල  පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවද ඇය කීවාය.

අමාත්‍යවරිය මෙසේ පැවසුවේ බලශක්ති අර්බුදය පිළිබඳ  සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේද පැවසුවාය.

අපි පසුගිය රජයට බාර දුන්නේ ශක්තිමත් විදුලිබල අමාත්‍යාංශයක්.  අඩු තරමින් මෙගා වොට් 300 ක් විදුලිබල පද්ධතියට අලුතින් එක් විය යුතුයි. ජලාශවල ජලය තියෙන්නේ අඩු මට්ටමක. මේ විදුලි හිඟය දී ගන්න විදියක් නැහැ. කාසල්රී මාවුස්සාකැලේ සමනල වැව උග්‍ර නියං තත්ත්වයක් තියෙනවා. මේ අර්බුදයට හේතුව පසුගිය රජයේ නොහැකියාව. ඒ අය ඒ අයගේ කාර්යය භාරය ඉටු කළේ නෑ. පුනර්ජනනීය බලශක්තිය ස්වයං පෝෂණය කිරීමට ජනාධිපතිවරයා ප්‍රතිපත්තිය ඉදිරිපත් කළා. ඒ සඳහා අපි හඹාගෙන යනවා.

අපි කටයුතු කරන්නේ ඉතාමත් වගකීමෙන්. අපි යුතුකම ඉටු කරන රජයක්. විදුලිබල පනත වෙනස් කරනවා. සූර්යතාපය සුළං යොදාගෙන  විදුලිය නිපදවීමට කටයුතු කරනවා.



අදහස් (0)

මෙගා වොට් 1000ක් විදුලිබල පද්ධතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 142 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site