(ඩයනා උදයංගනී)
ඉන්ධන වැඩිකිරීම සම්බන්ධයෙන් තමා නිකුත් කළ නිවේදනයේ ඇති මතය සමඟ තමා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් තමා දැරූ මතයේ වෙනසක් නැතැයි ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරයි
සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට අද (16) පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ප්‍රධාන ලේකම්වරයා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පක්‍ෂ මූලස්ථානයේ රහස් සාකච්ඡාවක් පැවැත්වෙනවාද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
පක්‍ෂය තුළ රහස් සාකච්ඡා නැතැයි කී කාරියවසම් මහතා සියලු දේ කරන්නේ එළිපිට බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මේ රටේ ජනතාව විසින් බිහිකරන ලද ජනතාවගේ පක්ෂය බව කී මන්ත්‍රීවරයා ජනතාව වෙනුවෙන් ගත යුතු තීරණ සියල්ල පක්‍ෂයක් ලෙස ගන්නා බවත්, ඒවා නිර්භයව ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කළේය.
එම කටයුතු ඉදිරියට ද එලෙසින්ම සිදුකරන බව කී ප්‍රධාන ලේකම්වරයා තම නිවේදනය සම්බන්ධයෙන් පක්‍ෂය තුළ ප්‍රශ්නයක මතුවී නැතැයි ද කීවේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මගේ මතයේ වෙනසක් නෑ - සාගර කාරියවසම්
SUNIL MILANO Wednesday, 16 June 2021 07:15 PM
කොහෙන් ආපු කෙනෙක්ද මේ...? එළවලා දාන්න ඕනෑ..
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 16 June 2021 07:32 PM
ගම්මන්පිල කියන්නේ එකක්... මෙයා කියන්නේ තවත් එකක්. මේ අපබ්‍රංශ කතා ජනතාවගේ බඩ කට පුරවන්නේ නැහැ. ඒ වගේම අනෙක් ප්‍රශ්න විසඳන්නේ ද නැහැ. මේ බොරු රණ්ඩු මවන්නේ තෙල් මිල වැඩිවීම නිසා සියලු දේවල මිල ඉහළ යෑමෙන් ඇතිවන මහජන කෝපය වෙනතක යොමුකරවීමට නොවේද? මේවා පාලන උපක්‍රම...
Rata Perata Wednesday, 16 June 2021 08:39 PM
ඉතින් අපිට මොකද? මොකෙක්ද මේ මත ප්‍රකාශ කරන්න? පිස්සු නැත්නම් හොඳයි.
මුණසිංහ Wednesday, 16 June 2021 09:06 PM
මෙච්චර කල් පාර්ලිමේන්තු ඉඳලා මොනවද කරල තියෙන්නේ .
chandima Thursday, 17 June 2021 06:45 AM
මේක ඔබතුමාගේ පෞද්ගලික මතයද