(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකිරීම හේතුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාව මාතර දිස්ත්‍රික්කයේ කිසිඳු විහාරස්ථානයකට පැමිණීමට ඉඩ නොදීමටත් ඒ මහතා සහභාගීවන උත්සව වර්ජනය කිරීමටත් මාතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විහාරාධිපති සංගමය අද (05) තීරණය කළහ.
ඒ අනුව කටයුතු කරන බවට මාතර දිස්ත්‍රික්කයේ විහාරාධිපති හිමිවරු මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ ඉදිරිපිට දී ප්‍රතිඥාවක්ද ලබා දුන්හ.
අදාළ නියෝගය අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික්කයේ සියලුම විහාරස්ථානවල,ආරණ්‍ය සේනාසනවල, මෙහෙණී ආරාම ඇතුළු සියලුම බෞද්ධ සිද්ධස්ථාන තුළ කිසිදු කටයුත්තකට සහභාගී නොකර ගැනීමට මෙහිදී තීරණය කළහ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව මහා සංඝරත්නය අද (05) මාතර සුදර්ශී පිරිවෙණේ සිට විරෝධතා පා ගමනක් ද පැවැත්වූහ. පසුව උන් වහන්සේලා මාතර බෝධීන් වහන්සේ ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයකද නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීගමු ලෙඩේ මාතරටත් බෝ වෙලා විෂ බීජය පතුරවනෝ
ගම්පහ ලෙඩේ මාතර ටත්
අහෝ, බුදුන් වහන්සේ තමාට විරුද්ධව දේවල් කරපු අයටත් මේ විදියට සැලකුවා නම් මොනවා වෙන්න තිබුනද?
මේ රටේ මැති ඇමතිවරුන්ට පාඩමක් ඉගැන්විය හැක්කේ මෙවැනි නැගී සිටීමකින් පමණි.
බෞද්ධ දර්ශනයේ ඇති උපෙක්ෂා සහගත බව, අවෛරය ගුණාංග
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරා ඇති බ්‍රහ්ම දණ්ඩනය සහ පත්ත නික්කුජ්ජන කර්මය මංගලට මේ අයුරින් දීම සුදුසුය. තෙරුවනට අගෞරව කරන බුදු සසුනට හානි කරන අයට මෙම දඩුවම් දීම සුදුසුය.
ඒ විතරක් නොවෙයි රටපුරා තිබෙන කිසිම පොදු කටයුතකට ඔහු වැද්ද නොගත යුතයි. සෑම විටම ඔහු පිලිකුල් කල යුතුයි.
සමහරුන්ට තියෙනවා මානසික රෝගයක් සමාජයේ තියන මතයට හාත්පසින්ම මතයක් ප්‍රසිද්ධියේ, නොකිවයුතු තැනක , වෙලාවක කියල , පොරවල් වෙන්න හදනවා මේකට සමහරු විවිධ ක්‍රම භාවිතා කරනවා පොත් ලියනවා , චිත්‍රපට හදනවා තව දේවල්..... මෙයත් එහෙම කෙනෙක්
මේ රටේ හැමෝටම පිස්සු.
කාලේ හැටියට කට පරිස්සම් කරගන්නවා හොඳයි... සත්‍යය ජය ගනීවි....
බුදු දහමේ හරය අපට පමණක් නොව, ලොව සියලු ජාතීන් අතරද ප්‍රචලිත කරනු මැනවි. කරුණාව මෛත්‍රීය මිස වෛරයට ඉඩ නැති බය පෙන්වනු මැනවි.
තරහ අවසර අපේ හාමුදුරුවනේ මිනිහෙක් පන්සලට එනකොට එක නවත්තන්නේ කොහොමද ? විවිධාකාරයේ බමුනොත් බුදුන් හමුවෙන්න ආරාමයට ආවා ගියා
මේ රටේ සංස්කෘතියට , ආගමට නිග්‍රහ කරන තමන්ගේ සුබ සිද්දියට රට පවා දෙන සියල්ලන්ටම මෙවැනි ක්‍රියාමාර්ග ගමු. නැත්නම් මේ රට යන්නේ කොහේටද ? රටේ අනාගතය වෙනුවෙන් තීන්දු ගන්න මිනිස්සු නේද මේ . සියලුම ආගමික සිද්ධස්ථාන මෙවැනි පුද්ගලයන්න්ට තහනම් කරමු . මහා සංඝරත්නයේ තීරණය හරි.
එතකොට මෙයාට ඡන්දෙ දීල පාර්ලිමේන්තු යවපු උපාසක උපාසිකාවෝ ටිකට තහනම් නැද්ද?
පන්සලකට ඕනැම කෙනෙකුට සාමකාමීව ඇතුල්වෙන්න පුළුවන්. එය තහනම් කරන්න නීතියෙන් බලයක් නෑ. බුද්ධාගම දරදඬු ආගමක් කරන්න මේ හාමුදුරුවරු හදන්නේ.
සුදේශ් මහත්තයෝ , පන්සලට වුනත් කඩුවක් පොල්ලක් අරගෙන කෙනෙක් ආවොත් ඉක්මනට ඝාන්ටරේ ගහල දන්වල ක්‍රියාමාර්ගයක් ගන්නවා ,නැතුව බෙල්ල කපල යනකම් ඉන්නේ නැහැ . මංගලගේ සහ අනිකුත් ඇමතිලගේ ප්‍රකාශය කඩු ලක්ෂ ගණනකින් කැපුවා හා සමානයි , බෝම්බ කෝටියක් ගැහුවා හා සමානයි . ඒ නිසා පන්සල නෙවේ මේ ලංකාවේ පස් පාගන්න දෙන්න හොද නැහැ
මෙවන් අය මාතරින් පමණක් නොවේ රටින්ම එලව දැමිය යුතයි.
මංගල කල ප්‍රකාශනය සමතයට අනුව වැරදිය. සියලු ආගමික,දේශපාලනික හා ජාතික සංවිධාන මංගල කල ප්‍රකාශය වැරදි බව පසක් කරමින් ඓයිතිහාසික සිංහල බෞද්ධ රටක්බ වූ ශ්‍රී ලංකාවෙහි අදත් එලෙසම පවතිමින් අන්‍ය ආගමික හා ජාතික ජනතාවද සහජීවනයෙන් ජීවත්වන බව ප්‍රකාශ කරත්දී මංගල ඒ කතා වලට විරුධව ප්‍රකාශ නිකුත්කර නැති අතර ඔහුට සිදුවූ වරද වහගන්න උත්සාහකර ඇත. ඒ අනුව මධ්‍යස්තව සිතන මටනම් පෙනෙන්නේ මංගල තමන්ට වූ වරද වටහගන ඇති බවයි. විවිධ දුර්වලකම්වි ඇති, වීවිධ විශේෂ හැකියාවන් ඇති, සියුම් ප්‍රඥාව හා උපාය කෞශල්‍ය ද ඇති මිහිපිට වසන ප්‍රභලම සත්වයා මිනිසාය. එවන් වූ මිනිසා විශේෂ හැකියාව, සියුම් ප්‍රඥාව හා උපාය කෞශල්‍ය උපයෝගයෙන් දුර්වල වූ අන්ත වැඩ කරන්න ගියොත් මොනවා වෙයිද?
සුදේශ් මහත්තයෝ , මදකට නැවතී හිතන්න. නුවන් මහතා කියන දෙය ගැන. නීතිය කියන වචනයට කරන්න පුළුවන් දේට වැඩ ජනතාවට කරන්න පුළුවන් දේ වැඩියි.
වැදගත් බුද්ධිමත් යමක් කියන්නට දැනුමක් නැති උදවිය මෝඩ කතාවක් කියලා හරි අවධානය ලබා ගන්න උත්සහ කරනවා. මේකත් ඒ වගේ එකක්. කොහොම වුණත් පොඩි දඬුවමක් දෙන එකේ වරදක් නෑ.