(අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ )
දුම්රියෙන් ගමන් කිරීමට කලින් ආසන වෙන් කරවානොගත් මගීන් ආපසු හරවා යැවීම හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද(13)උණුසුම්කාරී තත්ත්වයක් හටගත්හ.
ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව තෙවැනි දිනටත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට අලුයම 5.10ට කොළඹ බලා දුම්රියක් පිටත් විය.
අද දින සිට දුම්රියේ මුළු ආසන ගණනට සමාන පිරිසකට දුම්රියෙහි ගමන් කිරීමට අවසර ලබා දෙන බවට ඊයේ මාධ්‍ය මගින් ප්‍රචාරය වීම හේතුවෙන් මගීන් විශාල පිරිසක් අද බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණ සිටියහ.
කෙසේ වුවද මගීන් සිවු දෙනකු පමණක් කලින් ආසන වෙන්කරවාගෙන තිබිණ. එලෙස වෙන්කරවාගත් මගීයකු පමණක් අද පැමිණ සිටි අතර එම මගියාට අමතරව තවත් මගීන් හත් දෙනකුට පමණක් පැමිණීමේ පිළිවෙල සහ අවශ්‍යතාව අනුව දුම්රියෙන් යාමට අවසර ලැබිණ.
කලින් වෙන්කරවානොගත් මගීන්ට දුම්රියෙන් යාමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔවුන්ට නැවත නිවෙස්බලා යාමට සිදුවිය.
මේ හේතුවෙන් කෝපයට පත්වූ ඇතැම් මගීන් දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින්ට බැන වදිමින් පිටව ගියහ. කෙසේ වුවද මෙම දුම්රියෙහි මැදිරි විශාල ප්‍රමාණයක් හිස්ව පැවැති ආකාරය දක්නට හැකිවිය.




(ඡායාරූප - අනීෂා මානගේ)


(ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ )
COMMENTS
ජනතාව මෙවට දුම්රිය නිලධාරින්ට බැනලා වැඩක් නැහැ. බනින්න ඔනෙ හරි තීරණ ගන්න බැරි, උදේට එකයි, දවල්ට එකයි, රූට එකයි තීරණ ගන්න මෝඩ දේශපාලුවන්ට...
වෙන්කර ගන්න කිව්වනම් වෙන්කරගෙන එන්න. වෙන්කරගන්නේ නැතිව 1000 2000ක් ආවොත් ?? මේ රටට ලොකු විනයක් ඕනේ. තමන්ට ඕනේ විදියට ඉන්න ඕනේ නම් ගෙදරට වෙලා ඉන්න.
බෙලිඅත්ත හරිම අවුල් තැනක්නේ. මර්වින් සිල්වාට බෙලිඅත්ත බාරදෙන්න ඕනේ. දුටුගැමුණු රජතුමා නතර කරපු තැන ඉඳලා පටන් ගන්නවා කියල තියනවනේ. එයත් බෙලිඅත්තෙනේ. එක්කෝ වැඩේ කරයි නැතිනම් මොනවා කරයි ද කියන්නේ කොහොමද ?
ඉඩ තිබුනානම් ඔවුන්ට යන්න දෙන්න තිබුනා. මොකද මේ දවස්වල ඇදිරිනීතිය ගැන මාධ්‍ය නිවේදන සමහර වෙලාවට තේරුම් ගන්න පහසු නෑනේ.
දෙපැත්තම ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා. මිනිස්සුන්ට මේක අලුත් දෙයක්. අනිත් අතට මේ දෙන උපදෙස් ව්‍යාකුල නිසා සාමාන්‍ය මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැතුව වෙන්න පුළුවන්. එක පැත්තකින් ඇඳිරි නීතිය ඉවත් කිරීම, නැවත පැනවීම, ඊළඟට අංක වලට පාරට එන එක, ඊළඟට ආසන වෙන් කර ගැනීම, ඊළඟට සේවයට වාර්තා කිරීම, ඊළඟට අතවශ්‍ය සේවා නොවෙන අයට එළියට එන්න ඉඩ නොදීම, ඊළඟට දුරස්ථ භාවය තබා ගැනීම, ඊළඟට පොලිස් අත්අඩංගුවට ගැනීම, මේ වගේ ගොඩක් දේවල් එක ගොඩට දැම්මහම ඒ ඔක්කොම ඔලුවේ තියාගෙන, කොරෝනා නිසා ඇතිවුණු අනිත් ප්‍රශ්නත් එක්ක මිනිස්සුන්ගේ ඔලු වලට මේවා මහා බරක් වෙන්න පුළුවන්. නීති දාන කොට ලංකාවේ මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන හිතලා නීති දාන්න ඕනේ. යුරෝපයේ හෝ වෙනත් රටක කරන විදිහට කරන්න හැදුවට මේ රටේ සියයට 90ක් ඉන්නේ සරල ජීවන රටාවකට හැඩ ගැහුණු සාමාන්‍ය මිනිස්සු. මෙතන තියෙන්නේ මිනිසුන්ගේ විනය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සුන්ගේ ජීවන රටාව ගැන ආණ්ඩුවට තේරුමක් නැතිකම.
කරන්න තිබ්බේ පැමිණි පිළිවෙළට දුම්රියට නගින්න දීලා ආසන ගණන් සම්පූර්ණ වුණාට පසුව අනික් කට්ටියව හරවා යැවීමයි. නැතිව දුම්රිය හිස්අතින් යවපු එක මහ මෝඩ වැඩක්.. ඒකෙන් රජයටත් පාඩුයි..
අසාර්ථක වැඩක් මේක...
ආණ්ඩුවත් එක එක නිවේදන කරලා ජනතාව නොමඟ යවනවා. අගමැති එකක් කියනවා, ජනාධිපති තව එකක් කියනවා, එයාගේ ලේකම් වෙනම දෙයක් කියනවා. කට්ටියගේම වයර් මාරුවෙලා ඡන්දය නිසා. දැන් හැමදෙයක්ම යථා තත්ත්වයට පත්වෙලා කියලා කෘතිමව මවාපාන්න හදනවා.
මමත් නිව්ස්වල දැක්කා සීට් ගාණට මගීන් ගෙනියන්න දෙනවා කියලා.. ඇයි එහෙනම් මෙහෙම වුණේ? වැරදුණු තැන නිවැරැදි කරගන්න.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අයත් හරියට මහදැන මුත්තාගේ ගෝලයන් වගෙයි. කිව්වේ නැතිනම් පනාව වැටුණත් ඇහිඳින්නේ නැහැ. මේ අයටත් කියන්නම ඕන. කල්පනා කරලා තැනට සුදුසු විදිහට වැඩ කරන්නේ නැහැ.
හිස් කෝච්චියක් බෙලිඅත්ත සිට මාතරට යවමින් විනාශ කරන්නේ අපේ බදු මුදල් නේද ? ඔය ඉන්න මගින් දෙතුන්දෙනා බස් එකකින් මාතර යවලා ,එතන ඉඳන් දුම්රිය ආරම්භ කළාම මොකද වෙන්නේ ? තීන්දු තීරණ ගන්න බලධාරියකු වන ප්‍රවාහන ඇමතිතුමා ඔය පළාතේම කෙනෙක්.
දුම්රිය මගීන්ගේ ඉතුරු සල්ලි නැති බව කියමින් දුම්රිය මගීන්ගේ සල්ලි කොල්ල කෑ ස්ටේෂන් මාස්ටර්ලට කවුන්ටර් වල හිටිය අයට මේ දවස්වල වලේ වැල් නැතිව ඇති. ජනාධිපතිතුමනි, දුරකථන මගින් හෝ ඊෂි කෑෂ් ක්‍රමය මගින් හෝ ටිකක් ගන්න ක්‍රමයක් ඇති කරන්න. විශේෂයෙන් රාගම දුම්රිය ස්ථානය ගම්පහ දුම්රිය ස්ථානය වැනි දුම්රිය ස්ථානවල දුර ගමන් යන මගීන්ගෙන් උදේට මුදල් ගසාකෑම උපරිමයි. දුම්රිය දෙපාර්තමේන්තුවම සෙට් වෙලා මේක කරන නිසා විගණනයක් සිදුවන්නේත් නැහැ.
ඔෆිස් යන උන්ටත් කියන දේ තේරුම් ගන්න බැරිනම් අනිත් අය ගැන කවර කතාද...? අහෝ රාජ්‍ය සේවය...
කාර්‍යාලයට යන අයටත් කියන දේ තේරුම් ගන්න බැරිනම් අනිත් අය ගැන කවර කතාද ? අහෝ රාජය සේවය....
චම්පා මහත්මියගේ අදහසට මමත් එකඟ වෙමි. ශ්‍රී ලංකික ජනතාවගෙන් බහුතරයක් සාමන්‍ය මිනිස්සු , කිසිම සැලැස්මක් නොමැතිව එකවර පනවන් මේ නීති ඉතා සංකීර්ණ වන අතර එම නිසා ජනතාව විශාල අපහසුවකට ලක් වෙලා. මෙම නීති ගැන සාමාන්‍ය ජනතාවට කෙසේවෙතත් රාජකාරි කරන පොලිස් නිලධාරීන්ගෙන් බහුතරයකටවත් තේරුමක් නැහැ. අමාරුවෙන් හරි ජනතාව මෙම නීති පිළිපදින බව දැනට රෝහල් තුළ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් නිරීක්ෂණය කරන විට පෙනී යනවා. සාමාන්‍ය ජනතාව නියෝජනය කරන්නේ ඔව්න්ගෙන් ඉත සුළුතරයකි. බහුතරයක් කොරෝනා රාජකාරි කරන රණවිරුවන්ට කොරෝනා සෑදීම නිසා හමුදා කදවුරු තුල සිදුවූ අසාධනය , සාමාන්‍ය ජනතාවගේ ජිවන රටාව සහ පොදු ප්‍රවාහනය ගැන මෙම තීන්දු තීරණ ගන්න පුද්ගලයන්ට කිසිම හැඟීමක් නොමැත . හේතුව ඔවුන් පසුගිය අවරුදු 10-15 තුළ කිසිම පොදු ප්‍රවාහන සේවයක් භාවිත නොකරන ලද , නිල රථවලින් ගමන් බිමන් ගිය සහ දැනටත් යන එන නිලධාරීන් සහ දේශපාලකයන් වීමය .
හිස් කෝච්චිය කොළඹ යනවා. කෝච්චියේ යන්න ආපු මගින් ගෙදර යවනවා. කොතනද වරද ? දුම්රිය පාලකයිනි, සිතල කාමර වලින් එළියට ඇවිත් ප්‍රයෝගික වැඩපලක් ඉදිරිපත් කරන්න.
දුම්රිය බලධරයනි, පිස්සු කෙලින්න එපා. ආසන ගානට මගීන් ගෙනියන්න. නැතිනම් හිස් දුම්රිය ධාවනය කිරීමෙන් වළකින්න. ප්‍රයෝගික වෙන්න.
බුක් කරේ නැත්තන් මොන මගුලකටද යන්නේ? ඔච්චර තේරෙන්නේ නැද්ද? 7 දෙනෙක්ට යන්න කෝච්චියක් දන වෙලේ බස් එකක් හරි වෑන් එකක් හරි දාපල්ලකෝ... නිකන් සල්ලි නාස්ති කරන්නේ නැතිව.. මුන්ට මොලේ කළඳක් නැහැනේ. කයිවාරු විතරයි. මේ රට තවත් විනාශ කරන්න එපා...
සල්ලි නැහැ කියලා රජයේ සේවකයින්ගේ පඩියට කෙලින්න යන ගමන් මේ වගේ මෝඩ වැඩත් කරන්න ඉඩ දෙනවා. අාපු අයව නීතියට අනුව වාඩි කෙරෙව්වා නම් වැඩේ ඉවරනේ. කොච්චර පාඩුවක්ද? එ් වගේම කොච්චර රස්තියාදුවක්ද? මේ වගේ කිසිම තීරණයක් ගන්න බැරි ගොබ්බයින් තමයි අායතනවල උසස් තැන්වල ඉන්නේ...
ප්‍රවාහන ඇමැති එකක් කියනවා. තව අය තව දෙයක් කියනවා. කොළඹ සහ ගම්පහ හැර අනෙක් පළාත්වල දුම්රිය ආසනගත මගීන්ට තම අවශ්‍යතාවය පවසා ගමන් කීරීමට හැකි බව ඊයේ ප්‍රවාහන ඇමතිවරයා පැවසුවා. බෙහෙත් ගන්න කොළඹ එන අය කොහොමද ආසන වෙන් කර ගන්නේ ජාතික රෝහලේ අධ්‍යක්ෂක මාර්ගයේන්ද. එහෙම නැත්නම් එක එක්කෙනා ප්‍රවෘත්ති නිවේදන නිකුත් නොකර පෙර පරිදි පොලිසිය මගීන් හෝ හමුදාපති වරයා මගීන් හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මාර්ගයෙන් පමණක් නිවේදන දෙන්න. නැත්නම් සාමාන්‍ය ජනතාව තමයි මේ නිවේදන නිසා දුක් විදින්නේ.
බෙලිඅත්තේ බස් නැවතුම් පොලේ තද බද වෙලා ඉන්න සෙනග බලන්න .බෙලිඅත්ත සිට හක්මන .වලස්මුල්ල, තංගල්ල බස් වල සෙනග හිටගෙන යන හැටි බලන්න බෙලිඅත්ත මහජන පොලේ සෙනග පොර ක කා බධු ගන්න හැටි බලන්න බෙලිඅත්ත සිට කොලබට හිස් කොච්චි දිව්වට කොරෝන අවසන් නොවන බව මතක තබා ගන්න
මේ වයසක අම්මලා කොහෙද මේ එන්න හදන්නේ? කාර්යාල වල වැඩ කරන්නද?
මිනිස්සු කියන්නේ අමුතු ජාතියක්. ඒ වුනත් දේශපාලුවෝ කියන්නේ ඊටත් වඩා අමුතුම සත්ව කොට්ඨාශයක් . මේ දවස්වල උන් ගන්න තීරණ වලින් ඒ බව ඔප්පු වෙනවා. මේ කෝච්චිය මිනිස්සු 04 දෙනෙක් ගෙනෙන්න බෙලිඅත්තට යවනවට වඩා හොඳ නැතිද පොඩි බස් එකක් දමල ඔය කට්ටිය මාතරට ගේනවා නම්.. එක්කෝ ගාල්ලටම. එතනින් කෝච්චියට අවශ්‍ය මිනිස්සු ගණන ඉන්න ඇතිනේ....