IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකරන්න යයි

(අජන්ත කුමාර අගලකඩ)
 
සුපිරි වෙළඳ සංකීර්ණයක් ද සහිත බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයක් බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට රජය තීරණය කර ඇත.

එම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ටෙන්ඩරය ‘ඒසර් ’ නමැති ඩුබායි සමාගමකට පැවරීමට අද (14) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ සඳහා කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද්දේ මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසිනි.

පෞද්ගලික ආයෝජනයක් ලෙස මෙම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකෙරෙන අතර ආයෝජනය කෙරෙන මුදල රුපියල් කෝටි 400ක් පමණ වේ.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් කැඳවා අදාළ ඩුබායි සමාගම තෝරාගෙන ඇත.
 



අදහස් (6)

බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකරන්න යයි

mangala Monday, 14 January 2019 02:30 PM

මොකක්ද මේ බහුමාදිලි ප්‍රවාහන සංකීර්ණය කියන්නේ, කොට්ටාවේ තියෙන්නෙත් ඕකක් නේද, අනේ මහත්තයෝ මුලින්ම ලයිට් රේල්වේ එක හදන්න මිනිස්සු මහපාරේ පුදුම දුකක් විදින්නේ. ඔබතුමාලා කිසිම කරදරයක් නැතුව පාරේ ගියාට මහජනතාවට එහෙම බැහැ.

:       44       48

aliyaMonday, 14 January 2019 10:45 PM

පොඩ්ඩක් ඉවසන්න. ඔහෙලා කිව්වට, ඩොලර් එකක් රුපියල් දෙසියට නග්ගල, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා, උතුරට වෙනම ප්‍රාන්තයක් දීල, විධායක සහ යාවජීව අගමැති වෙනකල් ඔව්ව කරන්න බැහැ.

:       3       11

wikyTuesday, 15 January 2019 03:14 AM

ඇත්ත කතාව. මොකද එයාල මොන වෙලාවට ගියත් ගමනට යන්නේ විනාඩි කීපයයි. අසනීපයක් නම් හෙලිකොප්ටරෙන් යන්නේ. ඉතින් මේවා ගැන කතා කරලා වැඩක් නැහැ.

:       0       0

ranasinghe Monday, 14 January 2019 04:35 PM

සිහින ලන්තය

:       91       68

Prabha Monday, 14 January 2019 08:55 PM

එදා වේල කන්න නැති මිනිස්සු ඉන්න රටේ. අනේ මටනම් තේරෙන්නේ මේ මිනිස්සු කා වෙනුවෙන් මේ දේවල් කරනවාද කියලා..

:       0       0

Bamunuarachchi Monday, 14 January 2019 10:58 PM

හැම මගුලක්ම බත්තරමුල්ලටද? දාගන්නවකෝ ඕව වෙන පලාතක. මේවා බත්තරමුල්ල අවට ඉන්න අපිට මහා කරදර. ඕවා ඔහේගේ සිහින නේ හැබැයි පහ වෙනකොට ඇහැරෙන්න දවසේ වැඩ තිබෙනවානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site