(ජේ.කේ.එල්.චාමින්ද)
හික්කඩුව එගොඩගොඩ ප්‍රදේශයේ ලදු කැළැවක් තුළදී 15 හැවිරිදි පාසල් සිසුවකු විසින් 11 හැවිරිදි පාසල් දැරියකට පිහියකින් ඇන තුවාල සිදුකර ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
අද (4) පස්වරුවේ දී මෙම පිහි ඇනුම සිදුවී ඇති බවත් පිහි ඇනුමෙන් තුවාල ලැබු සිසුවිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙම සිසුවා හා සිසුවිය එගොඩගොඩ ප්‍රදේශයේ එක ළග පිහිටි නිවාස දෙකක පදිංචි වී සිටියි.
දෙදෙනා අතර ඇතිවූ බහින් බස් විමක් දුරදිග ගොස් සිසුවිය කෑගසා තිබේ. පසුව පාසල් සිසුවා විසින් සිසුවියගේ ගෙලට පිහියෙන් ඇන ඇති බව පොලිසිය පවසයි.
සැකකාර පාසල් සිසුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බහින් බස් වීමක් දුරදිග ගොස් සිසුවා සිසුවියට පිහියෙන් අනී
Raveendra Friday, 04 January 2019 02:40 PM
කෙනෙකුගේ ජීවිතේ ලස්සනම කාලය පාසල් කාලය, අනේ ඒ ලස්සන කාලේ මේ දරුවන් මොන තරම් දරුණු ලෙස හැසිරෙන්නේද?
dias Friday, 04 January 2019 03:15 PM
ප්‍රශ්නයක් නැහැ. මේ දකුණේ කට්ටියනේ.
SanjeevaSaturday, 05 January 2019 03:24 AM
ඩයස් තමුන් වගෙ පටුව හිතන කුහක යක්කු නිසා තමයි අපෙ සිංහල ජාතියට වලකැපෙන්නෙ, දකුණු /උඩරට වගේ බෙදා වෙන් කර හිතන තමුන්ගේ වාසගමත් පිටරට ප්‍රතුගීසින් එකක් නේද?
diasSaturday, 05 January 2019 10:15 AM
සංජීව මහත්තය තරහ ගන්නට එපා. මම කිව්වේ රටේ දකින්නට තියෙන ඇත්ත... මම නම් හිතන්නේ දකුණු/ උඩරට වගේ රට බෙදා වෙන් කර තියෙන එක හොඳයි. මොකද, නැත්නම් ඔය දකුණේ උදවිය උඩ රටටත් ඔය පිහි සංස්කෘතිය බෝ කරයි.
රෝහණ මාතරගේSunday, 06 January 2019 12:02 PM
සිල්වා, සොයිසා, පෙරේරා වගේ වාසගම් වැඩිපුරම තියෙන දකුනේ ඔහේලා තමයි නැවේ කුඹගහ පේනකොටම වෙරලට ඇවිත් සුද්දෝ පිළිගත්තේ...
lal Saturday, 05 January 2019 04:29 AM
කතාව ඇත්ත... වැඩිම අපරාධ වාර්තා වෙන්නේ දකුණෙන්. දකුණට වෙනම ෆෙඩරල් රාජ්‍යයක් දෙන්න ඕනේ...
ධනුෂ්කSunday, 06 January 2019 01:27 PM
මමත් ඔය ජාති, අාගම්, වර්ගබේධ පිටුපස යන්නේ නෑ. නමුත් අැහෙන්න, පෙනෙන්න තියන දේවල්වල හැටියට නම්. දකුණ පාලනය කිරීමට නම් යම් මිලිටරිමය පාලනයක් ගෙනයන්න වෙයි වගේ. නැත්තම් මේවා අනෙක් පළාත් වලටත් පැතිරෙයි. මිනිසා කොහොමත් සටන්කාමී අයෙක්.. නමුත් මෙහේ සීමාවක් නෑනේ.
Nihal Friday, 04 January 2019 04:12 PM
එහෙම කියන්න එපා.. මාතර බෙලිඅත්ත ලංකාවේ දිගම බෝක්කුවත් දකුණු පළාත් සභාවට...
RosiSaturday, 05 January 2019 03:11 PM
ඔයාට වැරදිලා... දිගම බෝක්කු තියෙන්නේ කොළඹ නගර සභාවේ.
wije Friday, 04 January 2019 05:33 PM
සේරටම කලින් හොයාලා බලන්න මේ දෙන්නා ගෙවල් දෙක එක ළඟ තියාගෙන බහින්බස් වෙන්න මොකටද ලඳු කැළෑවක් තුළට ගියේ කියලා...
Bimal Friday, 04 January 2019 09:11 PM
දැන් කාලයේ දෙමව්පියන්ට ඕන දරුවන් උගතුන් කරන්න විතරයි. කිසිම ආචාර ධර්මයක් සදාචාරයක් නැතිවුණාට කමක් නැහැ. ළමයින්ව වැරදි කළාම දඬුවම් නැහැ. ගුරුවරුන්ට විරුද්ධව පොලිසි යනවා. නැති නම් ගුරුවරුන්ව දණ ගස්සනවා. ළමයාට ඉවසීම යහපත් සමාජ ධර්ම ඉගැන්වීමක් නැහැ. මොබයිල් ෆෝන් එකයි ලැප් ටොප් එකයි... ගැහැණු ළමයෙකුට නම් කොට ඇඳුම් ටිකකුයි අරන් දීලා යමන් පුතා කියලා රේස් එකේ යවනවා. මෙන්න ප්‍රතිඵල...!
රවින් Friday, 04 January 2019 09:12 PM
දරුවා යනු දෙමව්පියන්ගේ කැඩපතක ඡායාරුවකි.
මුනසිංහ Saturday, 05 January 2019 02:08 AM
මේ සියලු දේ වලට දෙමාපියන් වගකිව යුතුයි. තම දරුවන් නිසි ආකාරයට යහමග යවලා හදන්න බැරිනම් ඇයි වැදුවේ? මේ සමාජ පරිහානියට වග කියන්න ඕන වෙන කවුද? අනෙක් අයට ඇඟිලි දික් කරන්න කලින් තමන්ගේ වැරදි හදාගන්න හුරුවෙන්න ඕනෑ. එහෙම වුණා නම් මේ සමාජ ගත වැරදි 100% නවතීවි.
akila Saturday, 05 January 2019 04:25 AM
දකුණේ ලොකු, පොඩි හැම එකා ලඟම හැමතිස්සේම උල් පිහියක් තියෙන්නේ කොහොමද?
RRSaturday, 05 January 2019 09:52 AM
බලන්න ඕනෙද?
isurandi Saturday, 05 January 2019 05:53 AM
තරගකාරී වටපිටාවත් සමග ගුණදහම් එන්න එන්නම පිරිහිලා ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලියෙන්ම. මේවට වගකිව යුත්තේ දෙමාපියෝද නැතිනම් ගොඩනැගෙන සමාජ වටපිටාවද?
rihan Saturday, 05 January 2019 06:03 AM
ටෙලිඩ්‍රාමා, කාටූන් බලලා තමයි දරුවන් මේවට පුරුදු වෙන්නේ... එමනිසා අපේ දරුවන් මේවාවලින් ආරක්ෂා කළ යුතුයි.
Nihal Saturday, 05 January 2019 04:48 PM
දැන් අපේ රටත් සුද්දන්ගේ රටවල් ගානට වැටුණා.....ඇමරිකාව ගැන නම් කව්රුත් දන්නවනේ .එංගලන්තේ අවුරුද්දකට ළමයි 15 ක් ,20 ක් පිහියෙන් ඇනලා මරනවා