( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයේ ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ වසර හතරහමාරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවාලීමට ජනාධිපතිට බලය තිබුණත් මේ දෙයාකාරයට හැරුණු විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී නැතැයි ජනාධිපති නීතිඥ ඊ.කන ඊශ්වරන් මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කීය.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාපිතව පැවරී ඇති වගකීම් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම, ජාතියේ සමගිය සහ සංහිඳියාව ඇතිවන පරිදි කටයුතු කීරීමට බැදී සිටින්නේ යැයි ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් කීවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම ආරම්භ කළ අවස්ථාවේ පෙත්සම්කාර දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් මෙම කරුණු දැක්වීම කළේය.
අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස බුවනෙක අළුවිහාරේ ,ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති.
ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙන අතර පෙත්සම්කාර පාර්ශවවල වැඩිදුර කරුණු දැක්වීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බහුතර ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට පුළුවන්