බුද්ධික කුමාරසිරි
ඩීසල් අඩුවීම පමණක්ම පිළිබඳ නොසිතා තවත් කරුණු 12 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ලබන 21 වැනි දා බස් ගාස්තු අඩු කරනවාද නැද්ද සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
අද (5) ගමනාගමන කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවකින් පසුව ඒ මහතා එලෙස කීවේය.
මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා මෙසේ පැවසීය.
ඩීසල් අඩුවීම පමණක් බැලුවොත් ඉතා ස්වල්ප මුදලක් තමා බස් ගාස්තු අඩු වෙන්නේ. ඒ නිසා බස් කර්මාන්තයට බලපාන තවත් කරුණු 12 ක් සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර ලබන 21 වැනි දා පවත්වන සාකච්ඡාවකින් පසු සියයට 3 ත් 5 ත් අතර මුදලක් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි යැයි අපි විශ්වාස කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද වර්ජනය කරන්නේ බස් ගාස්තු අඩු කෙරුවේ නැත්නම් ?
ආණ්ඩුවක් නැති රටක ස්වභාවය පැහැදිලියි............
අවස්ථාවාදීයා
බස් ගාස්තු වැඩි කිරීම නම් එක දවසෙන් කරනවා. එත්, බස් ගාස්තු අඩු කරන්ට තීරණයක් ගන්ට නම් මාසයක් යනවා.
බස් ගාස්තු වැඩි කිරීම නම් එක දවසෙන් කරනවා. එ්ත්, බස් ගාස්තු අඩු කරන්නට තීරණයක් ගන්නට නම් මාසයක් යනවා.
දෙවියනේ වැහිනැති අකුණු වදින්න ඕනේ... වැඩි වෙනකොට උදේම නැගිටලා මැරෙන්න හදනවා. දැන් අඩු වෙනකොට කල්පනා කරනවා. කාලකන්නි තමයි.
මේ අයව ජනසතු නොකරන්නේ අැයි..? හැමදාම මේ අයගේ තර්ජන, ගර්ජන බලබලා ඉන්නද රජය හදන්නේ...? එහෙමත් නැතිනම් මුළු රටේම ජනතාව එකතුවෙලා මේ බස් වර්ජනය කළ යුතුයි. එතකොට නිකම්ම ඔය මාෆියාව නැත්තටම නැතිවෙලා යාවි..
මූල්‍ය සමාගම්වලින් ගිනි පොළියට බස් ගත්තාම ඒවත් ගෙවන්න ඕනෑ මගියනේ...
උසාවියෙන් නියෝග එනතුරුද ඉන්නේ...?
ලංකාව තුල පුද්ගලික ප්‍රවාහන සේවය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය.. මේ සියලු රථ 1956 මෙන් ජනසතුකර ඔවුන්ට වන්දි ගෙවා රියදුරන් හා අනෙක් සේවකයන් සමගම ලංගමට බඳවාගෙන රජයේ සම්පූර්ණ ප්‍රවාහන සේවයක් ඇති කළ යුතුයි. එවිට ජනතාවගේ රැකියා ගැටලුවටත් යම් දුරකට පිළිතුරක් ලැබෙනවා. මේ අයවලුන් විසින් ජනතාවත් රටත් ඉතාමත් පහත් ආකාරයට අසරණ කරමින් යන බව පේනවා. මෙය වහාම නැවතිය යුතුයි.
මේ අයත් කොහෙන්ද " කඩදාසි පෙනයක් " හොයාගෙන පුප්ඵනවා නේද? හිඟන්නන් වගේ... අහිංසක මිනිස්සුන්ගේ රීරිමංශ උරා බොනවා...
ගැමුණු නිකන් නත්තල් සීයාවගේ මෑන්ස් නේ .
කලින් 2%ක් අඩු කරලා මොනවා හරි දෙයක් ලැබුණු කෙනෙක් ඉන්නවාද? කලිනුත් 95යි මගෙ බස් ගාස්තුව. දැනුත් 95යි. ඒත් 100ම ගන්නවා. අපි ගාවත් රුපියල් 5ක් නෑ දෙන්න. කොන්දොස්තර ගාවත් නෑ 5ක් දෙන්න. එතකොට ගාන 100යි. 90ක් ගත්තොත් බස්කාරයාට පාඩුයි. 100ක් ගත්තොත් අපිට පාඩුයි. හරි ඒකත් දුන්නා කියමුකෝ රුපියල් දෙක තුනකින් මොනවා කරන්නද මේ වැඩිවෙන ජීවන වියදමට? බස් ලොක්කො කුක්කො කරන්න පුලුවන් දුම්රිය ප්‍රවාහන සේවය දියුණු කලානම් බස් ලොක්කො කුක්කො වෙනවා.