IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


බැසිල් රාජපක්ෂ

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ඇමරිකානු නීතිය යටතේ එරට පුරවැසිභාවය සදහා  දිව්රුම් දී ඇති  බැසිල්  රාජපක්ෂ මහතා  මෙරට  නීතිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හා අමාත්‍ය ධුරයක් දැරීමට  සුදුසු අයකු  නොවන  බව සදහන් කරමින් ඔහු පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයකු  ලෙස  සහ   මුදල්ඇමැති වරයා ලෙස කටයුතු  කිරීම  බල රහිත  කරන නියෝග නිකුත්  ලෙස ඉල්ලා උලපනේ සුමංගල හිමියන්   ඇතුළු තිදෙනෙක්  අභියාචනාධිකරණය හමුවේ අද (05) රිට් පෙත්සමක් ගොනු කළහ.

නාරාහේන්පිට ධර්මායතන විහාරයේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, බරපතල වංචා හා දූෂණ සොයාබැලූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා සහ නීතිඥ සුරාජ් වල්ගම  මෙහි  පෙත්සම් කරුවෝ වෙති.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තර කරුවෝ වෙති.

බැසිල් රාජපක්ෂ මහතා  පුරවැසියකු ලෙස ඔහුගේ පළමු දිවුරුම ඇමරිකාවේ දී  එම නීතිය යටතේ ලබා ගෙන ඇති  බව පෙත්සමෙහි සදහන් වේ.

එවැනි  දිවුරුමක් ලබා ගත් පුද්ගලයෙකු මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීම හා අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කිරීම නීතිවිරෝධී වන අතර එය  රටට දැඩි අගතිදායක බව පෙත්සම්කරුවන් කියයි .

ඒ අනුව ඇමරිකානු පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ මහතාට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හා මුදල් අමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම් කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.

එසේම  බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , ඔහු මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන්  ඉල්ලා  සිටිති.

නීතිඥ  ජයමුදිතා ජයසූරිය මහත්මිය   මගින්  මෙම පෙත්සම් ගොනු කර ඇත.



අදහස් (0)

බැසිල් රාජපක්ෂ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 527 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 318 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site