IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බස්රථ 2ක් ගැටී 12ක් රෝහලේ

(ඔගස්ටින් ප්‍රනාන්දු)
 
              
කොළඹ පුත්තලම මාර්ගයේ බංගදෙණිය හංදියේදී අද (31) බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයන් 12දෙනෙකු තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත පොලිසිය කියයි.
 
 අනතුරට ලක්වී ඇත්තේ වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් සහ මන්නාරමේ සිට කොඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.
 
 වවුනියාවේ සිට පැමිනි බස් රථය බංගදෙනිය හංදියේදී නතර කළ අවස්ථාවේ දි පිටුපසින් අධික වේගයෙන් පැමිණි මන්නාරම පෞද්ගලික බස් රථය ලංගම බසයේ පසු පස ගැටී අනතුර සිදුව තිබේ.
 
තුවාලකරුවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය කියයි. බස් රථ දෙකෙහි රියදුරන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 
 
හලාවත පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

 



අදහස් (5)

බස්රථ 2ක් ගැටී 12ක් රෝහලේ

සමන්ත Sunday, 31 March 2019 05:34 AM

මේ බස් රථ දෙකම පිටත් වෙලා තියෙන්නේ කොළඹින්... ලංගම බස් රථය කොළඹ සිට වව්නියාම බලාද, පුද්ගලික බස් රථය කොළඹ සිට මන්නාරම දක්වද ගමන් කරමින් තිබී ඇත. ලංගම බස් රථය බංගදෙණිය මංසන්ධියේ නවත්වා තිබෙන විට එහි පිටුපස පුද්ගලික බස් රථය ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

:       1       65

shirley suraweera Sunday, 31 March 2019 07:07 AM

එක බස් එකක් රිවර්ස් එකට යන්න ඇති...

:       2       16

Siri Sunday, 31 March 2019 11:09 AM

ඇත්ත නිවුස් එක මොකද්ද?

:       0       0

Raveendra Sunday, 31 March 2019 12:09 PM

කවදා අපට සංවර මෙන්ම විනීත රියදුරන් දැකීමට හැකිවේවිද අපගේ මව්බිමේ...? සමහරවිට අපගේ ජීවිත කාලයටම බැරිවෙයි. එ්ත් නීතිය නිසිලෙස ක්‍රියා කරන්නේ නම් මෙවන් නිවට "රියදුරන් යයි කියන මගමරුවන් " මාර්ගයෙන් ඉවත් කිරීමට අපහසු නොවෙනු ඇත. මෙවන්" අනියම් මිනීමරුවන්ට " සදාකල් රියදුරු අසුනේ නිකමටවත් වාඩිවීමට නොදෙන ලෙස නීති ක්‍රියාත්මක යුතුය.

:       0       136

vipula Monday, 01 April 2019 07:22 AM

දැන් පිටුපසින් පැමිණි ඉදිරිපස බස් රථය අනතුරකට පත්කළ බස් රථයේ රියදුරු ගේ රියදුරු භාවය අහෝසි කරන ක්‍රමයක් එන්නේ කවදද ? තව කීයක් අනතුරු වෙන්න ඕනෙද, කීයක් පාරේ මැරෙන්න ඕනෙද මේවගේ නීති ගෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site