(මුදිතා දයානන්ද)
බස්නාහිර පළාත් ආණ්ඩුකාර නිල නිවස ඉදිකිරීමට කෝටි 10.34ක් වැය වන බව මහඇමති ඉසුර දේවප‍්‍රිය මහතා අද (23) පළාත් සභාවේදී පැවසීය.
මහඇමතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ආණ්ඩුකාර නිල නිවසේ ඇස්තමේන්තු ගත වියදම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් පළාත් සභා රැස්වීමේදී ඉදිරිපත් කරන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මහඇමතිවරයා ලබාදුන් පිළිතුරුවලට අනුව කොළඹ 07 බුලර්ස් පටුමගේ ඉදිකෙරෙන මෙම නිල නිවස මහල් දෙකකින් සමන්විත වන අතර එහි අත්තිවාරම සඳහා පමණක් කෝටි 2.24ක් වියදම් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සඳහා කෝටි 8.1ක් ඇස්තමේන්තු කර ඇති අතර අත්තිවාරම සඳහා දැනට කෝටි1.7 ක් වැය කර ඇත.
දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය ඉදිකරනු ලබන්නේ වගුරු සහිත භූමියක නොවන තත්ත්වයක් යටතේ මේ තරම් මුදලක් අත්තිවාරමට වැය කරන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් නිපුණආරච්චි මහතා විමසා සිටි අවස්ථාවේ ඒ සම්බන්ධ තාක්ෂණික හේතු වශයෙන් පසුකාලීනව අවට සිදුවිය හැකි ඉදිකිරිම්වල කම්පනය තුළින් දුර්වල පස්තට්ටුවල තෙරපුම දරාගැනීමට හැකිවන පරිදි එසේ සිදුකරන බව පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ මහ ඇමතිවරයා මෙම ඉදිකිරීම සිදුකරන්නේ කොතැනකදැයි තමන් තවමත් නොදන්නා බවද ඒ ස්ථානය දැක නැති බවද බැලූ බැල්මටම මේ තරම් මුදලක් වැය කරන්නේ ඇයිදැයි තමන්ටද ප‍්‍රශ්නයක් මතුවූ බවද පැවසීය.
මෙවැනි මුදලක් වැය කර ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට වුවද හැකියාව තිබූ බවද දැනට කුලි පදනම මත ලබාගෙන තිබෙන ආණ්ඩුකාර කාර්යාලය සම්බන්ධයෙන්ද තමන්ට ප‍්‍රශ්නයක් ඇති බවද මහඇමති ඉසුර දේවප‍්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පළාත් සභාවලින් ජනතාවට ඇති සෙතක් නැත. තිබෙන්නේ කරදර පමණි. කරුණාකර මේවා අහෝසිකරලා දමන්න.
රටේ පොහොසත්ම පළාත් සභාව වන බස්නාහිර පළාත් සභාවේ ප්‍රධානියා වන ආණ්ඩුකාරයාගේ නිලනිවස හදන්න රුපියල් කෝටි දහයක් වගේ ඉතාමත් සුළු මුදලක් වැය කිරිම පිළිබඳව මහා ඇමැතිවරයාට අපගේ බලවත් අප්‍රසාදය පළකරන අතර වහාම මෙම නිවසේ සැලසුම් වෙනස්කර රුපියල් කෝටි 100 දක්වා වැඩිකර බස්නාහිර පළාත් ඡන්ද දායකයන් වන අපගේ ගෞරවය ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස අපි බලකර සිටින අතර එසේ නොකළහොත් බස්නාහිර පළාතේ උගත්, බුද්ධිමත් ඡන්ද දායකයන් නැවත ඔබව මහ ඇමැති තනතුරට පත් නොකිරීමට වගබලා ගනු ඇත...
තවත් රත්‍රං දොරක්ද?
මට නං මේ විනාශ ගැන හිතාගන්නවත් බැහැ. ඇයි කොළඹ 7ම මේ ගෙවල් හදන්නේ? අැයි මේ දුප්පත් රටේ එක්කෙනෙකුට සැපගන්න මෙච්චර වියදම්...
දෙන්නම ගමරාළගේ ගෝලයෝ...
සාමාන්‍ය මිනිස්සු අකාලයේ මැරෙනවා. මේ හැත්ත කිසිම අපද්‍රව්‍යයක් නැතිව ජීවත් වෙනවනේ. හෙනයක් වත් පාත්වෙන්නේ නැහැනේ යනඑන කොට. ලංකාවේ දේශපාලනය හරියට අමුතිත්ත කුණු හරුප වගේ. උෟරන් කන අසුචි හොඳ ඇති මේ කරන අපරාධ වලට වඩා... අපිට ප්‍රෙෂර් හැදෙනවා මේ ඇහෙන දකින දේවල්වලට. පණපිටින් මැරෙනවා...
කොළොඹ නිවසක් තිබෙන කෙනෙක් ආණ්ඩුකාර ධුරයට පත්කරන්න .එතකොට නිවාස ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ.
බස්නාහිර පළාත් සභාවේ පුදුම හොර වැඩනේ තියෙන්නේ. මේ කට්ටිය ආවට පස්සේ උන් පරම්පරා දා හතරකට ම හම්බකරන් කන්න යන්නේ. අපෙන් වරිපනම් ගන්නව නගර සංවර්ධනයට කියල ඒවා හොරා කාල මේ හැත්ත දියුණු වෙනවා. මට තියන ගැටළුව දුප්පත් මිනිහට ම හැම දේම සිද්ධවෙද්දි ඇයි අනිත් අයට පලදෙන්නේ නැත්තේ..... ඇයි මේ ක්‍රමය වෙනස් කරන්න බැරි.
කැකිරාවේ, වැටකොලුගම ජීවත් වෙන ජනයා ආහාර අහේනියෙන් බවක් ආරංචියි. ගමේ වී ඇටයක් වත් නැතිලු. තුන්වේල කන්න නැතිලු. මෙහෙ ඉන්න දේශපාලකයන්ට රජ සැප. පේනවද ඇති නැති වෙනසේ තරම? හිතක් පපුවක් නැති හැටියක්....
මොලේ තියාගන්න පටුව නැතිහින්දා කචල් වෙලා වගේ. වැඩ 75% හෝ ඊට වැඩි ප්‍රමාණයක් නිම කර ඇති නිවසක අත්තිවාරම දැම්මේ කවදාද? නිවසේ වැඩ පටන්ගත් දින? සැලසුම් කල දින? භුමි පරික්ෂා ? පස් පරීක්ෂණ? බබා පාට් දානවා වගේ ? කොහොමත් විගණන පරීක්ෂණයක් කලොත් අලගිය තැන් මුලගිය තැන් හොයා ගන්න පුළුවන් වෙයි වගේ.
ඔය පලත්සභා තිබුණ කියල අපිට ඇති සෙතේ කුමක්ද ? තවමත් රජයේ සේවයට අදාල තීන්දු තීරණ වලින් විශාල ප්‍රමාණයක් ගන්නේ කොලඹින් , අපි ගොඩක් දේවල් වලට තවමත් කොළඹට ගිහින් රස්තියාදු වෙන්න ඕනේ ? පළාත්සභා වලට අපේ ප්‍රශ්න විසදන්න බලයක් නැහැ , මේකෙන් කෙරෙන්නේ අපිට අනවශ්‍ය බදු ගහන එක සහ ආණ්ඩුකාරයන් වැනි නිලධාරීන් , ඇමතිලා පන්තියක් සුර සැප විදින එක පමණි .
බස්නාහිර පළාත් සභාව දැන් ජනතාවට විහිළුවක් වේලා. මේ නාස්තිකාර වියදම් නවත් වන්න තරම් බලය තිබෙන කෙනෙක් මෙරටේ නැද්ද?
මේ නාස්තිකාර වියදම් නැවත් වීමට සිටියේ එකම එක පුද්ගලයි.................
නාය යාමකින් නිවසක් විනාශ වුණ පවුලකට නිවසක් ඉදිකිරීමට දෙන්නේ ලක්ෂ පහයි. බස්නාහිර පළාත් සභාවේ පුටුවකට ලක්ෂ හයහමාර ගණනේ පුටු දොරට ලක්ෂ 83 යි. සුවඳ විහිදන්න ආරම්භක වියදම ලක්ෂ 65 යි. මාසිකව ලක්ෂ 27 යි. ආණ්ඩුකාර නිවසට කෝටි දහයටත් වැඩියි මෙවැනි සභා 10 යි මෙයින් මේ රටේ විනාශය වලක්වන්න බැහැ. මේවාට තවත් ඉඩ දෙමුද? පළාත් සභා අහෝසි කරවමු.