(සුජිත් හේවාජුලිගේ )
ප්‍රමිතියෙන් තොර බවට තහවුරුවූ ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 112 ක් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳ පොළට නිකුත්වී තිබිණැයි ජාතික විගණන කාර්යාලයේ විශේෂ වාර්තාවක සඳහන් වේ.
මේ භාණ්ඩ නියමිත ප්‍රමිතියෙන් හා පිරිවිතරයන්ගෙන් තොර බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළ පරීක්ෂණවලදී තහවුරුවී තිබියදී ඒවා තහනමට ගෙන රඳවා තබා ගැනීමට කටයුතු කර නැතැයි තොරතුරු අනාවරණයවූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම සාම්පල 112 නියමිත ප්‍රමිතියෙන් තොර බව තහවුරුවී ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සාම්පල 299ක් සම්බන්ධයෙන් 2020 වර්ෂයේදී පැවැත්වූ පරීක්ෂණයකදීය.
මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිලධාරීන් කළ විමසුමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධානීන් පවසා ඇත්තේ නියැදි පරීක්ෂාවන්ගෙන් අහිතකර ප්‍රතිඵල ලැබුණත් එම භාණ්ඩ තොග රඳවා ගැනීමට හෝ තහනමට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතෙන් ප්‍රතිපාදන සැලසී නැති බවයි.
මේ අතර රසායනාගාර පරීක්ෂණ සඳහා මිල පාලනයක් ඇති කර තිබුණද එහි ප්‍රතිඵල පාරිභෝගිකයා අතරට ගිය බවට සමීක්ෂණ කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කිසිදු වැටලීමක් කර නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
එම මිල පාලනය ඇති කරනු ලැබ තිබුණේ 2020 ජුලි 29 දිනැති අංක 2186/17 දරණ ගැසට් පත්‍රය මගිනි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බාල බඩු 112 ක් ’’මාර්කට්ටුවට’’ ගිහින්
Bamunuarachchi Saturday, 12 March 2022 12:26 PM
මේ බඩු ඔහෙලා තහනම් කරන්න එපා.. වෙනරටවල වගේ බඩුවල නම් කියන්න.. එතකොට ජනතාව තහනම දාගනීවි. එසේ නොකිරීමෙන් ඔබලා බාලබඩු වලට රටේ තැනක් දී රජයේ අනුග්‍රහය යටතේ ජනතාව අමාරුවේ හෙළයි...
චන්දන Saturday, 12 March 2022 02:58 PM
මේවා තහනම් කරලා වෙළඳ පොලෙන් ඉවත් කළොත් අත යට ගාන නැතිවෙනවා...!
Lalith M Saturday, 12 March 2022 08:11 PM
නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න. කිසිම තහනමක් පැනවීමට අවශ්‍ය නෑ. තහනම පගාවට යටයි...