IMG-LOGO

බෙලරුස්හි සහායට රුසියාව ඉදිරිපත් වෙයි

තම රටට බාහිරින් එල්ල වන යුද තර්ජනවලදී ආරක්ෂක සහාය සැපයීමට රුසියාව එකඟ වී ඇතැයි බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා පවසයි.

 ඉකුත් 9 වැනිදා පැවති එරට ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට එරෙහිව මේ වන විට දැවැන්ත විරෝධතා පැවැත්වේ.

මර්දනයට, ප්‍රචණ්ඩත්වයට සහ වැරදි ඡන්ද ප්‍රතිඵලවලට එරෙහිව වගකිය යුතු බෙලරුස් රාජ්‍යයේ නිලධාරින්ට නව සම්බාධක පැනවීමට යුරෝපා විදේශ අමාත්‍යවරු තීරණය කිරීමත් සමඟ ජනාධිපතිවරයා මේ බව නිවේදනය කර තිබේ.

එම ජනාධිපතිවරණයේදී ලුකෂෙන්කෝ මහතාට ජය හිමිවිය.කෙසේ වෙතත් අමෙරිකාව ද මෙම මැතිවරණය නිදහස්ව හා සාධාරණව නොපැවැත්වුණු බවට චෝදනා කරයි.

මේ අතර ලිතුවේනියාව, ලැට්වියාව සහ එස්ටෝනියාව යන රටවල අග්‍රාමාත්‍යවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ බෙලරූස්හි ප්‍රචණ්ඩකාරී මර්දනය කිරීම් සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළකරන බවයි.

උද්ගත වී ඇති තත්ත්වය හමුවේ බෙලරූස් ජනාධිපතිවරයා රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙන් සහාය ඉල්ලා තිබේ.
 
 
-226-
(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

බෙලරුස්හි සහායට රුසියාව ඉදිරිපත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 146 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site