(රේඛා තරංගනී ෆොන්සේකා)
බොල්ගොඩ ගඟේ බෝට්ටුවක් පෙරළීමෙන් එක් අයකු අතුරුදහන්ව ඇති බව මොරටුව පොලිසිය පවසයි.
තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් බොල්ගොඩ ගඟ මැද මත්පැන් සාදයක් පැවැත්වීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අතුරුදන් වූ පුද්ගලයා පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව මුලික විමර්ෂණයේදී හෙලි වු බව පැවසීය.
අතුරුදහන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු ඊයේ මැදියමේ සිට ආරම්බ කළ බව සඳහන් කරන පොලිසිය නාවික හමුදාවට දැනුම් දී සහාය ඉල්ලා ඇති බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd