IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘‘බුරන බල්ලන්ට ගල් ගහන්න ගිහින් මගේ ගමන පමා කරන්නේ නෑ‘‘

(ඩයනා උදයංගනී)

තමා තමන්ගේ ගමන යන බවත්, ඒ ගමනේදී බුරන බල්ලන්ට ගල් ගසන්නට නැවතී ගමන පමා කරගන්නේ නැති බවත් පිවිතුරු හෙළ අරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ආණ්ඩුවේ ඇතැමුන් තමා අවුට් කිරීමට උත්සාහ කළත් තවමත් නොදැවී ක්‍රීඩා කරන බව කී ඇමතිවරයා එම දිගු ඉනිමෙහි රහස සෑම පන්දුවකටම පිත්ත නොදා සිටීම බව ද සඳහන් කළේය.

තමාව ආණ්ඩුවෙන් එළවන්න යනවාද යන්න අදාළ නැතැයි කී ඇමතිවරයා ඒ ගැන සොයමින් කටයුතු වෙනස් කරන්නේ නැතැයි ද කීවේය.

ඒ අතරතුර බල්ලන් බිරුවත් බුරන බල්ලන්ට ගල් ගහන්න නතර වුණොත් තම ගමන යන්න බැරි වෙන බව ද ඇමතිවරයා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පිවිතුරු හෙළ උරුම පක්‍ෂ කාර්යාලයේදී අද (12) ආණ්ඩුවෙන් එළියට දැම්මොත් තමා වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවට බව කී ගම්මන්පිල මහතා ජනතාවට ඇත්ත පමණක්ම කීමෙන් විශ්වාසයක් ගොඩනගාගෙන ඇති තමා ජනතාව අතරට යාමට බියවන්නේ නැතැයි ද කීවේය.

ආණ්ඩුව තුළදීත් ඉන් පිටතදීත් තම ශක්තිය වන්නේ තමා පිළිබඳ විශ්වාසය තැබූ ජනතාව බව කී ඇමතිවරයා එම විශ්වාසය පළුදු කර ගන්න සූදානම් නැතැයි ද සඳහන් කළේය.

රටේ විදේශ විනිමය අර්බුදයක් තිබෙන බව ජනතාවට හමුවේ පැවසුවේ එම විශ්වාසය ආරක්‍ෂා කරගැනීමට බවත්, ජනතාවට බොරු කර, ඔවුන් සුරංගනා ලෝකයක අතරමං කරන ආණ්ඩුවකට පැවැත්මක් නැතැයි ද කීය.

තෙල් මිල වැඩි කලේ තමාගේ ප්‍රධානත්වයෙන් අගමැතිතුමන් ද සහභාගි වුණු ජීවන වියදම් අමාත්‍ය අනුකමිටුවේ දී බව රටේ රාජ්‍ය නායකයා මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රශ්න මතුකරන ඇතැමුන් කරන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය බොරුවක් කියා කීම බව ද පැවසීය.

 



අදහස් (6)

‘‘බුරන බල්ලන්ට ගල් ගහන්න ගිහින් මගේ ගමන පමා කරන්නේ නෑ‘‘

pradeepa Monday, 12 July 2021 05:41 PM

කට විතරයි, වැඩ නැහැ. උදය හරියට වැඩ කළා නම් තෙල් මිල වැඩි නොකර ඉන්න තිබුණා. ෆේල් අයට තිබුණා හොයන්න වෙනත් ආදායම් මාර්ග... නමුත් ඒවා මොනවත් කරන්නේ නැතිව මිල වැඩි කළා. මිල වැඩි කරනවා නම් ඇමැතිලා අපිට ඕනෑ නැහැ මේ රටට.

:       0       0

Bamunuarachchi Monday, 12 July 2021 06:19 PM

ගල් ගගහා ඉන්න එපා... මග අවුරන බල්ලෙකුට පයින් ගහගෙන යන්න. එක බල්ලෙක් ඔබට බුරනවා. අනික් බල්ලෝ බුරන බල්ලාට බුරනවා. බල්ලන්ගේ බිරිල්ල එහෙමයි..

:       2       0

Nandalal DE SILVA - France Monday, 12 July 2021 11:14 PM

අනේ මෙහෙමත් හැකර කටක්..!!! එයාලාට බුරන බල්ලන් කියා නම් කළානම් නරකද කියා මගේ ආච්චි අහනවා. දැන් එයා සුදනා වෙලා... රාජපක්ෂ බෑයන් ඇතුළුව ඉන්ධන මිල වැඩිකරපු රංචුවම වැරැදි කාරයන් කර ගම්මන්පිලගේ කැලෑ උසාවිය තීන්දුව දී හමාරයි.

:       0       2

Nimal Tuesday, 13 July 2021 01:09 AM

"ජනතාවට ඇත්ත පමණක්ම කීමෙන් විශ්වාසයක් ගොඩනගාගෙන ඇති තමා" අනේ ඇත්තද? හිනා යනවා හලෝ මේවට...!

:       0       1

Rata Perata Tuesday, 13 July 2021 01:48 AM

අනුන්ගේ සල්ලි හොරකම් කරපු නියම පිවිතුරු නායක. නොදකින්...

:       0       1

රමණී Tuesday, 13 July 2021 04:35 AM

නමින් මහා ජල කඳක් වුණාට හැසිරීම නමැති කලය පිරෙන්න ජලය නැති අය උඩ තනතුරු ලැබුණාම හැසිරෙන විදිහ තමයි අපි ඒ ලියුම් ලියන අයගෙන් දකින්නේ. ඇත්තටම ඒ කරේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දෙදෙනාට ගල් ගැසිමකුත් තමයි. රාජකීය පාසලක ගුරුන් එලෙව්වා කියලා මහජන ඡන්දයෙන් පත්වුණු නියෝජිතයන් එලවන්න බැහැ කියලා පිනට ලැයිස්තුවෙන් ආපු හිස් කලගෙඩි වලට තේරෙන්නේ නැතුව ඇති. ගලක් ගහලා කළේ බිඳින්නම වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 775 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site