
වසර 29කට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (9) 33.03%කින් පහත වැටිණි.
අවසන් වරට ගෝලීය තෙල් වෙළෙඳපොළේ මිල ගණන් එතරම් අගයකට පහත වැටුණේ 1991 වසරේදීය. ඒ අවස්ථාවේ පැවැති ගල්ෆ් යුද්ධය ඊට හේතුවිය.
කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය තෙල් වෙළෙඳපොළට දැනටමත් දරුණ බලපෑමක් එල්ල වී තිබෙන මෙහොතෙක මෙලෙස තෙල් මිල ගණන් පහත යෑමට හේතුවූයේ සෞදි අරාබිය සහ රුසියාව අතර ඇති වූ අර්බුදකාරී තත්ත්වයි.
තෙල් සැපයුම සීමා කිරීම හා බොරතෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට එම රටවල් දෙකට නොහැකි වූ අතර තෙල් මිල ගණන් ඉතිහාසගත ලෙස පහළ යෑමට එම අර්බුදය හේතුවිය.
රුසියාවත් සමඟ ඇති වූ මතභේදාත්මක තත්ත්වය නිසා සිය පාරිභෝගිකයන්ගෙන් අය කරන වියදම් කපා හැරීමට සෞදි අරාබිය පියවර ගත්තේය.
රොයිටර්ස්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මට ඇහුනේ නෑ" කීවලු...
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, බලශක්ති ඇමතිතුමනි, ඉන්ධන මිල නම් පහත හෙලන්න එපෝ. තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයකි. එය ලාභ ලබන ආයතනයක් කිරීමට දශකයක්වත් යනු ඇත. එම ක්‍රියාව කළයුතු දෙයකි. නමුත්, බොරතෙල් මිල අඩුවීම මගින්වත්, ඉන්ධන මිල දැන් ඇති තත්වයෙන්ම තබා, සිදුවන පාඩුව මකාගන්න. මෙය තාවකාලික අස්වැසිල්ලකි. දීර්ඝ කාලීන පිළිතුර විය යුත්තේ තෙල් සංස්ථාව දූෂණයෙන් තොර - සේවක අතිරික්තකයෙන් තොර - කාර්යශූර වාණිජ පරිපාලනයක් ඇති කිරීමයි.
මෙලෙස බොරතෙල් මිල පහතට වැටුණත් සෞදිය වැනි රටවල් වලට "පාඩුවක්" සිදුවීමට තිබෙන සම්භාවිතාවය ඉතාමත්ම අඩුයි. මොකද විශේෂයෙන්ම ගල්ෆ් රටවල්වල භූගත බොරතෙල් නොහොත් පෙට්‍රෝලියම් නිධි තිබෙන්නේ සාපේක්ෂව අඩු ගැඹුරකයි. සෙන්ටිග්‍රේඩ් අංශක 40ක් පමණ වන බාහිර පරිසරයේ උෂ්ණත්වය නිසා යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය මනාවට සිදුවෙනවා. ඒ වගේම එවැනි පරිසරයක රැකියා කරන සේවකයින්ට විශේෂ වූ සේවාවන් සැපයීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත්... රුසියාවේ තත්වය මීට වෙනස්... ලෝකයේ විශාලම තෙල් නිධිය තිබෙන්නේ සයිබිරියාවෙයි. නමුත් ඒ තෙල්නිධි පිහිටා ඇති භූගෝලීය වටපිටාව අනුව පෙට්‍රෝලියම් පිටතට ගැනීමට අධික වෙහෙසක් දැරීමට සිදුවනවා පමණක් නොව, විශේෂිත යන්ත්‍රසූත්‍ර, ශීත කාලයේදී (-35 පමණ) රැකියා කරන අයට පහසුකම් සැපයීමට වගේම "ප්‍රවාහන වියදම් ".... ආදිය ගත්තම සෞදියට වඩා විශාල පිරිවැයක් දරන්නට වෙනවා රුසියාවට. ඉතින් ඔය කීව ඉහළ පිරිවැය නිසා.. ලෝක වෙළඳපොලේ තෙල්මිල පහත වැටුණු ගමන්ම ඒ "වෙනස" රුසියාවට විශාල ලෙස දැනෙනවා. ඉතින් තම ප්‍රතිවාදියාව මට්ටු කිරීමට මෙය අවස්ථාවක් කරගත් සෞදිය, පාරිභෝගිකයින්ගේ වියදම් කපා හැරියා. තෙල් මිල පහත වැටුණා.
අපේ ආණ්ඩුව නිදි... තෙල් ටිකක් ගහලා ගිණිකූරක් ගහන්න ඕනෑ. කෝ අර භික්ෂූන් වහන්සේලා සේරම රහත් වෙලාද? නැත්තම් තව බොරු හොයනවද දන්නේ නෑ. අඩු ගානේ අර සූත්‍රයවත් තිබුණා නම් රුපියල් දෙකක්වත් අඩු වෙනවා. තව තුනෙන් දෙකකුත් ඉල්ලනවා.
අපිට කොහෙද දූරදර්ශී පාලනයක්? මේ වගේ වෙලාවකනේ නැව්පිටින් ගෙන්නලා ගබඩා කරගෙන ජනතාවට අඩුවට දෙන්න ඕනෑ. තාම ගේන්නේ සතියෙන් සතියටද? මේකම හොඳම උදාහරණයක්... අපේ මොන ආණ්ඩු පත් වුණත් ජනතාවට ඇත්තටම සහන දෙන්න අවශ්‍ය නැතිබව පෙන්නන්න.
මිල සුත්‍රය තිබෙන එක දෙපැත්තටම සාධාරණය. ලෝකයේ දියුණු රටවල මිල සුත්‍රය ක්‍රියාත්මක වේ , මිල සුත්‍රය ක්‍රියාත්මක කලානම් මිනිස්සු තෙල් මිල අඩු වැඩි වෙනකොට ආණ්ඩුවට බනිනේ නැත.
සුද්දෝ පිනට හදලා දීලා ගිය තෙල් ටැංකි වලින්වත් වැඩක් ගන්න දන්නේ නැති අඥානයින් පාලනය කරන රටක් ගැන ආයේ කවර කතාද? වැඩ බැරි උනාට කතාවෙන් නම් බකපණ්ඬිතයෝ. කට කයිවාරුව, උජාරුව බේරෙනවා රෙද්ද පල්ලෙන්.
1991 නම් ලංකාවේ පැට්‍රල් ලීටරයක මිල රු.20යි. නමුත් මේ වෙලාවේ මිල අඩුකරන්න අවශ්‍ය නැහැ.
අනේ මංගල අපි නොදිටුමු මොක්පුර................
වැඩ කරන විරුවා නිදි ? ආපු දවසේ ඉදල කරපු දෙයක් නැහැ. එක්කෝ තාප්පවල චිත්‍ර ඇන්දා, නැත්නම් බයිස්කෝප් පෙන්නුවා. තෙල් මිලවත් අඩු කරන්න. ආපු දවසේ ඉදලා මිනිස්සුන්ට කන්න නැහැ. එළවලු ගිනි ගණන්, බිත්තර 22 පහලට ගියේම නැහැ. වතුර කපනවා දිගට හරහට, එහෙන් ලයිට් කපනවා කියන්නේ නැතිව, රස්සා දෙනවා කිව්වා තියෙන රස්සාවලින් මිනිස්සු අයින් කරනවා, විල්පත්තු කපන අයට දඩුවම් දෙනවා කිව්වා, දැන්නම් බලෙන්ම විල්පත්තුව කපල කෝමාරිකා වවනවා. අපිට අවුරුදු 55 වැඩකරලා දවසක් එහා මෙහා වුනොත් පෙන්ෂන් එක නැහැ . අනේ අපි කරගත්තු මෝඩ කමක්.
තෙල් මිල අඩු කරනවානම් බස් ගාස්තු සහ ත්‍රී වීල් ගාස්තු අනිවාර්යයෙන් අඩු කරන්න රජයේ මැදිහත් වීමෙන්. එහෙම නැත්තන් වෙන්නේ තෙල් අඩු කරත් ගාස්තු අඩු නොකර ඉදල කවද හරි තෙල් මිල ආයේ වැඩි කරන දවසට ගාස්තු වැඩි කරනවා. අන්තිමට අවාසිය වෙන්නේ දුප්පතාටයි.
මහජනතාවට දැනෙන්න නම් පෙට්‍රල් පමණක් අඩු කරන්න. ඩීසල් අඩු කළොත් ඒකේ වාසිය මුදලාලිලාට විතරයි. වැට් අඩු කළ එක අනික. බස් ගාස්තුව රු. 2කින් අඩු කරයි. බඩු මිල ඒහේතුවෙන් අඩු වෙන්නෙම නැහැ.