IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍ය අගමැතිගේ යෝජනාව පරාජය වෙයි

බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම වැළැක්වීමට බ්‍රිතාන්‍ය  අගමැති බොරිස් ජොන්සන්  විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නව යෝජනාව   පරාජයට පත්වී ඇති බව වාර්තා වේ.
 
මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 301ක් හිමි වි ඇති අතර විපක්ෂව ඡන්ද 328ක් හිමි විය.
 
කොන්දේසි විරහිතව යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයැයි පවසන මෙම ‍යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අවස්ථාවේ මහජනතාව පාර්මේන්තුව ඉදිරිපිට විරෝධතාවයක්ද පවත්වා ඇත.
 
තමන් හැකි ඉක්මණින් මහ මැතිවරණයක් කැඳවන බව අගමැතිවරයා පැවසුවේය.
 
නමුත් මැතිවරණයක් පැවැත්වීමට පෙර යුරෝපා සංගමයෙන් ඉවත් විමේ  අදාළ පනත සම්මත විය යුතු බව විපක්ෂ නායක ජෙරමි කෝබින් මහතා  පෙන්වා දෙයි.
 
කෙසේ වෙතත් මෙම යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ 2/3 ක බහුතර කැමැත්ත ලබාගත නොහැකිව පරාජයවීම නව අගමැතිවරයාගේ දේශපාලන අනාගතයට බලපෑහැකි බව විචාරකයෝ පවසති.

226

(බීබීසී ඇසුරිනි)

 



අදහස් (3)

බ්‍රිතාන්‍ය අගමැතිගේ යෝජනාව පරාජය වෙයි

Gamarala Wednesday, 04 September 2019 06:56 AM

අපිව මේ තත්වයට පත් කරපු රටෙත් මෙහෙම නම් අපේ රට ගැන කියන්න ඕන නැහැනේ.

:       8       53

විජිත්Wednesday, 04 September 2019 08:13 AM

ගමරාල මල්ලි, සුද්දා අපිව වහල්ලු වගේ තබාගෙන අපේ රට විනාශ කළා. රට කොල්ල කෑවා. පාලනයට පහසුව පිණිස රටේ ජාතින් "බෙදා වෙන් කර" පාලනය කර අපේ ඇඟට ජාතිවාදී අදහස් එන්නත් කළා. කොටින්ම රට කෑවා. ඒ කාලයේ මෙරටට අයත් මුදල් තැන්පත් කරලා තිබුනේ එංගලන්තයේ බැංකුවල. රජයට අයත් මුදල්වලට සුද්දා අතතිබ්බේ නැහැ. දැන් වගේ "හොරා කෑවේ" එහෙමත් නැත්නම් රජයේ මුදල් (මහජනයාගේ බදු මුදල්) මංකොල්ල කෑවේ නැහැ.1948 අපිට නිදහස දෙනවිට ඒ මුදල් ඔක්කොම අපේ රටට බාරදීමට තරම් ඉංග්‍රීසිකාරයා අවංක වුණා. (රට කාපු එක වෙන කතාවක්, මම මේ කියන්නේ මුදල් පරිහරණය ගැනයි) ඔයාට හිතාගන්න පුලුවනිද ඒ මුදල ගැන..? ඒ කාලයේ හැටියට.. එංගලන්ත පවුම් බිලියනයක්..!!! අපේ පාලකයෝ ඒ මුදල් ඔක්කොම නාස්තිකලා. හොරකම් කළා. ටිකෙන් ටික රට පාලනයට " හොරු, මංකොල්ලකාරයෝ " එන්න පටන් ගත්තා. මෙහෙම ගිහින් භාණ්ඩාගාරය හිස් වෙනකොට රටෙන් රට ගිහින් " හිඟාකන්න " පටන් ගත් අපේ පාලකයෝ, අවසානයේදී ..රටේ කෑල්ලෙන් කැල්ල එක එක රටවල් වලට උගස් තියන්න පටන්ගත්තා. ඒ අතරේ සමහරු රටේ වටිනාම ස්ථාන පිටරටවල් වලට "විකුණා දැම්මා" ..ඔන්න ඕක තමයි අපේ මේ ලස්සන නමුත් අභාග්‍යමත් රටේ " කඳුළු කතාව".

:       0       0

ධනුෂ්ක Wednesday, 04 September 2019 08:55 AM

එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වුණොත් එ්කෙනුත් ලංකාවට ලොකු පාඩුවක් වෙන්නේ..

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site