IMG-LOGO

බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් අහිමිවූ පියකුගෙන් වගකිවයුත්තනට එරෙහිව පෙත්සමක්

( තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ )
 
බුද්ධි අංශ මඟින් දැනුම්වත් කර තිබියදීත් නොබෝදා සිදුවූ ප‍්‍රහාරය මඟින් මිනිස් ජීවිත අහිමි වූයේ පොලිස්පති ඇතුළු වගඋත්තරකරුවන් නිසි රාජකාරී යුතුකම් පැහැරහැරීම හේතුවෙන් බව සඳහන් කරමින් ඔවුන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කරන ලෙස ඉල්ලා මෙම ප‍්‍රහාරයෙන් දරු දෙදෙනා අහිමි වූ පියෙකු සහ හෝටල් හිමියෙකු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්  ගොනු කරනු ලැබූහ.

වැල්ලම්පිටිය සමන් නන්දන තිරිමාන්න සහ කොළඹ 02 රාමානායක මාවතේ පදිංචි ජනත් විතානගේ යන මහත්වරුන් විසින් ගොනු කරනු ලැබු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලාල් දිසානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

එම පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පළමු පෙත්සම්කරු බෞද්ධයෙකි.ඔහුගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා කොච්චිකඬේ පල්ලියේ පූජාවට සහභාගී වූහ. ඒ අතර බෝම්බ ප‍්‍රහාරයට ලක්වීමෙන් දරුවන් දෙදෙනා මරණයට පත්විය .
දෙවැනි පෙත්සම්කරු සංචාරක හෝටල් හිමියෙකි.

මෙම තත්ත්වය පිළිබඳ බුද්ධි අංශ මඟින් පූර්ව දැනුම් දීමක් දී තිබියදීත් වගඋත්තරකරුවන් පියවර නොගැනීමෙන් අපරාධ නඩු විධාන සංග‍්‍රහය සහ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ අපරාධමය වරදක් සිදු කර ඇත.

එබැවින් වගඋත්තරකරුවන්ට එරෙහිව අපරාධමය නඩුවක් පැවරීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් දෙදෙනා සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.



අදහස් (1)

බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් අහිමිවූ පියකුගෙන් වගකිවයුත්තනට එරෙහිව පෙත්සමක්

Raveendra Monday, 29 April 2019 12:53 PM

පළමුව ඔබගේ රත්තරන් දරු දෙදෙනාගේ අකල් වෙන්වීම පිළිබඳව අපගේ අවංක කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. එමෙන්ම මෙම විනාශයෙන් දිවි අහිමිවූ සියලුම අහිංසක පුරවැසියන් මෙන්ම විදේශිකයන්ගේ පවුල් වලටද අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. අප තරයේ විශ්වාස කරනවා ඔබ සඳහන් කළ මහජන මුදලින් වැටුප් ලබන නිලධාරීන් පමණක් නොව දියවන්නා ඔයේ ඉන්න රිලව් 225ම මෙම සාපරාධයට වග කිව යුතු බවට... කිසිම රිලවෙකුට මෙම අපරාධයෙන් බේරීමට නිදහසට කරුණු කීමට කිසිඳු ඉඩක් නොමැති බවට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site