මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ බවට සැකපිට ලාංකිකයකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් චෙන්නායි හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත් වෙබ් අඩවිය අද (02) වාර්තා කර ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් අනතුරුව අයි.එස්. සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් සොයා ඉන්දීය ජාතික විමර්ශන ආයතනය කේරල හා තමිල්නාඩු ප්‍රාන්ත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අතරතුර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීයාවේ හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වෙබ් අඩවිය වාර්තා කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අතර ශ්‍රී ලාංකිකයකු ද සිටින අතර එම පුද්ගලයා රාමනාදන්පුරම්හි සිට චෙන්නායි නුවරට පැමිණ ඇති අතර ව්‍යාජ ලිපිලේඛන භාවිත කරමින් කුලී නිවසක රැඳී සිට ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර මාලාවේ සැලසුම්කරු ලෙස සැලකෙන සහරාන් හෂීම් අනුගමනය කරමින් කේරල ප්‍රාන්තයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සැලසුම් කළ අයි.එස්. සංවිධානයට සම්බන්ධ රියාස් අබුබකර් නමැත්තා පසුගියදා ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
තමා වසරක පමණ කාලයක සිට සහරාන් හෂීම්ගේ දේශනවලට සවන්දෙමින් ඒවා අනුගමනය කළ බවට එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සිදුකළ සහරාන් හෂීම් හා ප්‍රහාර මාලාවට සම්බන්ධ තවත් බෝම්බකරුවකු අයි.එස්. සංවිධානයේ සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට 2017 සහ 2018 යන වසරවල ඉන්දියාවේ සංචාරය කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.
055
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සිව් දෙනෙක් චෙන්නායි නුවරින් අත්අඩංගුවට