(ජයන්ත සමරකෝන්)
ගාල්ල , දුම්බර , වාරියපොල , වැලිකඩ පුහුණු පාසල සහ වැලිකඩ කර්මාන්ත අංශය භාර අධිකාරීවරුන් 5 දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදී බන්ධනාගාර මූලස්ථානයට සහ වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා පැවැසීය.
ඒ අනුව ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා මූලස්ථානයේ සංචිතයටත් ,වැලිකඩ කර්මාන්ත අධිකාරී එස්.පල්ලේතැන්න මහතා ගාල්ල බන්ධනාගාරයටත් , දුම්බර අධිකාරී (බෝගම්බරටත්), සෙනරත් බණ්ඩාර මහතා වැලිකඩ පුහුණු පාසලටත්, පුහුණු පාසලේ අධිකාරී සමන්ත අලහකෝන් මහතා දුම්බර බන්ධනාගාරයටත් , වාරියපොල අධිකාරී සෙනරත් සේනානායක මහතා මූලස්ථාන අධිකාරී ලෙසත් , වාරියපොල සහකාර අධිකාරී ප්‍රසාද් මහතා එම බන්ධනාගාරයේ වැඩබලන අධිකාරීවරයා ලෙසත් පත්කර තිබේ.
හදිසි සේවා අවශ්‍යතාවය මත මෙම මාරුවීම් ක්‍රියාත්මක කළ බවත් ගාල්ල අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා මූලස්ථානයේ කිසිඳු තනතුරකට පත් කර නැතැයිද කොමසාරිස්වරයා කීය.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බන්ධනාගාර අධිකාරීවරුන් 5 කට මාරුවීම්