පාලිත ආරියවංස
මහ වැසි සමඟ පස්කඳු හා ගල් කඩාවැටී මාර්ගය අවහිර වීමෙන් පස්සර - බදුල්ල මාර්ගය තාවකාලිකව වසා දැමූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය.
මේ මාර්ගයේ කි.මී. 5 සහ 6 කණු අතර මාර්ගය මෙසේ අවහිර වී තිබේ.
මෙම මාර්ගය සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතර නිසි ක්‍රමවේදය අනුගමනය නොකිරීම ද මේ පස්වේල්ල කඩා වැටීමට හේතු වී ඇත.
විකල්ප මාර්ගය බදුල්ල පස්සර මාර්ගයේ 2 කණුව දක්වා ගමන් කර එම හන්දියෙන් හැරී විනීතගම මාර්ගය ඔස්සේ ගොස් පස්සර මාර්ගය පිවිසීම බව බදුල්ල පොලිසිය පවසයි.
එහෙත් එම මාර්ගයේ බර වාහන ගමන් කළ නොහැකි බව පොලිසිය පවසයි.
මාර්ග අවහිරතා ඉවත් කිරිම අද දිනයේ සිදුකරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරිය කීවාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd