(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාරය තුළදී එහි වෛද්‍යවරයෙකුට තර්ජනය කර අපහාසාත්මකව බැන බැඳීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ මෙම විශේෂ පරීක්ෂණය ආරම්භ කර ඇති බව ද චන්දන ඒකනායක මහතා සදහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට සහ බොරැල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බදියුදීන් ගැන බන්ධනාගාරයෙන්ද විශේෂ පරීක්ෂණයක්
kkamalasiri Monday, 23 August 2021 12:25 PM
කොයිතරම් නම් වැරදි නීතියට හසු කර දී තිබුනත් දඬුවමක් නම් නෑ මොහුට .මේ මනුස්සයට විරුද්ධව අදහස් දාන්නෙත් නෑ
Ruhunu Monday, 23 August 2021 12:30 PM
ඔය ඉතින් චන්දනායක මහත්තයාත් මොනවා හරි අහගන්න හදන්නේ... අපිට පේන්න තමයි ඔය පරීක්ෂණ කරනවයි කියන්නේ.
Kule Monday, 23 August 2021 12:48 PM
මෘත ශරීර ආධාහනය ට විරුද්ධවයි බෙරි හන් දුන්නේ .පණපිටින් පුච්චන්නයි දැන් කතාව
කිරිපුතා Monday, 23 August 2021 01:28 PM
මගුල් පරීක්ෂණ . මෙව්වා නිකම් විකාර. මේ නරක මිනිසුන් හිතු මනාපෙට වැරදි කරනවා. ඔවුන්ට ලැබෙන දඬුවමක් නෑ.
බද්රානි Monday, 23 August 2021 03:53 PM
කිසිම ලෙඩක් නැති දේශපාලකයින්ව නිකරුනේ ලෙඩ කරලා රෝහල්ගත කරනවාට, බන්ධනාගාරේ රෝහලේ දොස්තරලාට කන පැලෙන්න ගැහුවා නම් තමයි හොඳ බදුර්දීන් මහත්තයෝ. හරි නම්, විමර්ශන සිදුකල යුත්තේ, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් පිළිබඳවයි. ඒ සිදුකළ ක්‍රියාවට ඔබතුමාට ස්තුතියි...!!!