
(ජයන්ත සමරකෝන්)
හිටපු කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් කොළඹ වෝක්ෂෝල් වීදියේ සතොස ගොඩනැගිල්ලේ 8 වන මහලේ පිහිටි සුඛෝපභෝගී පෞද්ගලික අමාත්‍ය විවේකාගාරය වහාම ඉවත්කරන ලෙස නව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුලගුණවර්ධන මහතා එහි නිලධාරීන්ට අද(17) උපදෙස් දුන්නේය.
මෙහි පවත්වාගෙන ගොස් තිබූ නිදන කාමරය ඉවත් කර එහි තිබූ ඇඳක් ඇතුළු භාණ්ඩ සතොස ප්‍රවාහන අංශයට බාරදීමට අමාත්‍යවරයා දැනුම්දුන්නේය.
කිසිවෙකුටත් ඇතුළු විය නොහැකි පරිදි දැඩි ආරක්ෂාව සහිතව සීසීටීවී කැමරාව මගින් නිරීක්ෂණය කිරීමට පහසුකම් ඇති, මෙම අමාත්‍ය විවේකාගාරය තමන් පරිහරණය කිරීමට බලාපොරොත්තු වන තාවකාලික අමාත්‍ය කාර්යාලයට කිසිසේත් නුසුදුසු බැවින් එහි තිබූ සියලු අංගෝපාංග ඉවත් කිරීමටත් ආලිංදයත් සහිත සදලු තලයේ තිබූ සුඛෝපභෝගී පුටුවක් ඉවත් කිරීමටත් අමාත්‍යවරයා මෙහිදී පියවර ගත්තේය.
මෙම අමාත්‍ය විවේකාගාරයේ දැවැන්ත රූපවාහිනී යන්ත්‍රයක්ද, කෑම කාමරය, සාකච්ඡා වටමේසයක් ඇතුලු සියලු පහසකුම්වලින් යුකුත්ව තිබී ඇතැයි වාර්තා වේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)



COMMENTS
දැන් 2/3 ගන්න බදියුර්දීන් ඕනෑ නැති නිසා එළවලා දානවා. මෙපමණ කල් ඕවා දන්නේ නැද්ද? දැන් අලුත් රජය ඇවිල්ලා මාස 8ක් ගිහිල්ලා.
අනේ එහෙම කරන්න එපා.. 2040 දී වත් ආයෙමත් ජරාපාලනය යළි ආවොත්, ඔවුන්ගේ පුද්ගලික වැඩවලට මේවා ඕනෑනේ...
මේ නිදන කාමරේට සුඛෝපභෝගී කාමරයක් කිව්වම, සුඛෝපභෝගි කාමරයකට මොකක් කියලා කියන්නද බන්දුල ඇමැතිතුමෝ...? නැට්ටෙ ඉඳන්ම ගොම හලාගන්නවනේ බන්දුල ඇමැතිතුමා...
පිස්සු නැත්තං ෂෝක්. හරි ලොකු නිදන කාමරයක්නේ.
මොනවා වුණත් අර මීගමුව බන්ධනාගාරය තරම් පහසුකම් නැහැ.
වැඩකරලා නැහැ... විවේක අරගෙන... ඔන්න යහපාලනේ...