(මනෝප්‍රිය ගුණසේකර)
රුපියල් කෝටි 3600 කට අධික බැදුම්කර වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුලු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව නතීපතිවරයා පවරා ඇති නඩුවේ පොදු දේපළ පනත යටතේ වු චෝදනා පවත්වාගෙන යෑමට නොහැකි බවට තීරණය කළ කෙළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කිරීමට බහුතර තීන්දුවෙන් අද නියම කළේය
මම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුනවන්ට එරෙහි මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බවට විත්තියේ නීතීඥවරුන් මතු කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ප්‍රතාශයට පත් කළ ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල පොදු දේපළ පනතේ 07 වැනි වගන්තිය යටතේ වන චෝදනා එල්ල කළ හැක්කේ ස්වභාවික පුද්ගලයනට පමණක් බව සදහන් කරමින් බහුතර තීන්දුවෙන් විත්තිකරුවන් නිදහස් කරමින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න මහත්වරුන් විත්තිකරුවන් නිදහස් කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර සාමාජික විනිසුරු මොහෝමඩ් ඉෂඩීන් මහතා විත්තිකරුවන්ට එරෙහි පොදු දේපළ පනත යටතේ වු චෝදනා පවත්වාගෙන යෑමට හැකි බවට වෙන මම තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
2016 මාර්තු මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකා මහ බැංකුව පැවැත්වු බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් කෝටි 3600 කට අධික භාන්ඩාගර බැඳුම්කර සම්බන්ධයෙන් සාපාරාධි විශ්වාෂය කඩ කිරීම ඇතුලු චෝදනා යටතේ නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා පවරා ඇත.
ඵර්පචුවල් ටෙෂරීස් සමාගමට එල්ල වී ඇති චෝදනාවලට සමග සම්බන්ධ කොට ඇති මෙම නඩුවේ විත්තිකරුවන් වු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්, ඵර්පචුවල් ටෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්,කසුන් පළිසේන, ඇතුලු විත්තිකරුන් 11 දෙනකුට එරෙහිව නීතීපතිවරයා දණ්ඩ නීතී සංග්‍රහය” පොදු ද්පළ පනත” ඇතුලු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බැදුම්කර නඩුවෙන් රවි ඇතුළු පිරිස නිදහස්