(රවී ලියනගේ)
බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරන්ගොඩ මහතාව රුපියල් විසිපන්දහසක මුදල් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (17) නියෝග කළේය.
වඳුරඹ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී පුද්ගලයකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය විසින් බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ වඳුරඹ ලේල්වල පදිංචි හීන්පන්දල ගමගේ හෂිනි කසුන් නමැති අයෙකි.
පසුගිය 13 වන සිකුරාදා වඳුරඹ නගරයේ පැවති මංගල උත්සවයකට සහභාගී වී එමින් සිටියදී සභාපතිවරයා සහ තවත් පිරිසක් මෙම තරුණයාට පහරදී ඇති අතර එහිදී තුවාල ලැබූ තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය සැකකාර සභාපතිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබූ අතර අද (17) සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා හමුවට ඉදිරිපත් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බද්දේගම ප්‍රා. සභාපතිට ඇප
Mahee Tuesday, 17 September 2019 01:49 PM
මෙයා දැන් ඉඳන්ම සුදුසුකම් උපයාගන්න උත්සාහ කරන එකට මං නම් සපෝට්. එහෙම නැතුව කොහොමද අනාගතයේදී දියවන්නා ගිහින් වැඩකිඩ පෙන්වන්නේ...?
dewa Tuesday, 17 September 2019 03:20 PM
මෙතුමත් පොහොට්ටු කට්ටියේ නේද?