IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’බත් දුන් පියා ෂීජින් පියා’’

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාවේ කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේත් පැවැත්විණ.

විවාදයට එක්වූ ජාතික ජන බලවේගය පක්ෂයේ විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසූ රස මුසු කතාවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද සිනාසුණේ බඩවල් අල්ලාගෙනය.

" දැන් බලන්න මේ ආණ්ඩුව රට ගෙනිච්ච තැන. මිනිස්සුන්ට කන්න හාල් ටිකක් නැහැ. මේ නිසා ආණ්ඩුවට අද හාල් චීනෙන් ගේන්න සිද්ධවෙලා. මෙහෙම ගියොත් නම් වැඩි කල් යන්නටත් පෙර මිනිස්සු කියාවි, මේ රටේ බත් දුන් පියා ෂීජින් පියා කියලා..." විජිත කීවේ උපහාසාත්මක ලෙස සිනාසෙමිනි.

මේ අවස්ථාවේදී කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා විජිත හේරත් මන්ත්‍රීවරයාට බාධා කරමින් රටේ ආර්ථික තත්ත්වය ගැන කිසියම් විවරණයක් කිරීමට උත්සාහ දැරුවේය. කාංචනගේ ඒ උත්සාහය අවසානයේදී කට හඬ අවදි කළ විජිත හේරත් " ඕවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න." යැයි පැවසූවේ මහ සද්දෙනි.

කාංචන ඉන් එහාට නම් කතා කිරීමට ගියේ නැත.

 



අදහස් (19)

’’බත් දුන් පියා ෂීජින් පියා’’

Rama Saturday, 22 January 2022 01:38 PM

විජිත හේරත් දන්නේ මිනිසුන්ට අපහාස කරන්න විතරයි. ඩඩ්ලි සේනානායක මහතාට මිනිසුන් කියූ නම විහිලුවකට ගන්න එක වැරදියි. ඔහොම ගියොත් අපිට බිල්ලොත් මතක් වේවි...!

:       73       260

sujeewaSaturday, 22 January 2022 02:41 PM

කට උල් කරලා අමුතු අභිනය දාලා කොච්චර දර්ශනවාදී වෙන්න හැදුවත් මෙලෝ හරයක් නැතුව අපහාස කිරීමේ ජන්ම ගතිය ස්වභාවයෙන්ම මතු වෙනවා

:       52       166

NIHALSunday, 23 January 2022 05:24 AM

වර්තමානයේ ලංකාවේ ඇතිව තිබෙන හෝ වැටි තිබෙන තත්වයට රටේ ප්‍රධාන පක්ෂ වගකිව යුතු බව ජවිපෙ කණ්ඩායම ප්‍රකාශ කලද ඍජුව සහ වක්‍රව ජවිපෙ යද වගකීම බර ගත යුතුවේ. ප්‍රධාන පක්ෂ සහ නායකයන් සහ පෙරමුණු බලයට ගෙන ඒමට ඔවුන් අනියම් ආකාරයෙන් සහය ලබාදීම සහ මහජන දේපල විනාශකිරීමටත් ඔවුන්ගේ ඍජු දායකත්වයක් තිබේ.

:       3       57

Shan Saturday, 22 January 2022 02:02 PM

අප රටේ ඉන්න බයියෝ හැටියට ඒකත් විශ්වාස නෑ තමයි .නිකන් කන්න දෙනවනම් ඕන එකෙක් එක්ක යයි

:       110       49

samanSunday, 23 January 2022 04:28 PM

දැන් ඔය ටොයියෝ කියන අය ප්‍රබුද්ධ පිරිසක්ද? ඇත්තටම පහුගිය ඡන්දෙ විශ්ලේෂණය කළොත් මේ ගොඩේ ඉන්නේ දෙමළ, මුස්ලිම් සහ කැපුවත් කොළපාට අන්තවාදියෝ සෙට් එක නේද?

:       2       7

ukran Saturday, 22 January 2022 02:24 PM

ඔයා ඉතින් යටත් විජිත හේරත්නේ.. චීනා එහෙමහරි උදව් කරනවා. ඔයාලා මෙතෙක්කල් රටට මොනවද කළේ..? පඩි නැතිව ජීවත් වෙන විදිහ රටට කියාදුන්නා කියන්න පුළුවන්. හැබැයි ඒකත් බොරුවක්..

:       48       155

sugath Saturday, 22 January 2022 03:58 PM

මේ අය චීනය උපහාසයට ලක් කළාට, මොවුන් චීන කොමියුනිස්ට් පක්ෂය සමග සබඳතා පවත්වනවා නේද?

:       28       125

RaveendraSunday, 23 January 2022 07:24 AM

සහතික ඇත්ත.ජෙප්පන් යනු අප රටේ සම්ප්‍රදායක විපක්ශවල ගතුගුන එකක්වත් අඩු නැතිව තිබෙන මලපෙරේත පක්ෂයකි. උඩ බලාගෙන කෙල ගැසීමට අතිදක්ෂයන්ය. මහජන දේපොළ අපි විකුණන් කන්නේ නැහැ කිව්වත් මහජන දේපොළ 88/89 ගිනිබත් කලේ සීතලට ගිනිතපින්න වෙන්න ඇති, තමන් උපන් රටේ සරසවි සිසුන්ගේ ඉගෙනීම සහමුලින්ම අඩාල කරන්න අන්තරේ ඉන්න තමන්ගේ බුරු පැටව් මගින් හැමදාම ක්‍රියා කරා නොවේද? තමන්ගේ දරුවන් වෙනත් රටවල ඉගෙනීම සදහා යොමුකරමින් ( ඒ සදහා මුදල් ලැබුනේ කොහෙන්ද ) අනිකුත් දරුවන් උද්ගොෂනවලට බලෙන්ම පාරවල් දිගේ ගෙන යනවා නොවේද..? අපට නම් රටේ බලය "මොන රීරියකා ( ජෙප්පන්ද ඇතුළුව ) ලබාගත්තත් අදාළ නැත". මෙම පැනයන් ඍජුවම අප ජෙප්පන්ගේ සියලුම සාමාජිකයන්ගේ විමසීමට කැමැත්තෙමු. ඔබලා තමන්ගේ නායකයන් යයි කියන රැලගෙන් තමන්ගේ දරුවන් පිලිබදව විමසා තිබේද? උතුරේ ජාතිවාදී යුද්ධයේදී මේ නායක රැල දෙකොන පුට්ටුකරගෙන නිහඩව සිටියේ මන්ද? පක්ෂයේ වියදම් සදහා ( සාමාජික මුදල් කිසිවිටකත් ප්‍රමාණවත් නොවන බව ස්ථිරය) මුදල් ලැබෙන්නේ කොහෙන්ද ?? රටේ ප්‍රධාන ආගම පිලිබදව මේ තමන්ගේ ඉහල නායකයන්ගේ කියවීම කුමක්ද ?

:       5       44

Doppi naga Saturday, 22 January 2022 04:02 PM

ඇත්ත කියද්දී කට්ටියට අමාරුයි වගේ.. අම්මපා රටටම කෙලවෙලා තියෙද්දී සර්ට කඩේ යන හැටි...!

:       149       39

BamunuarachchiSunday, 23 January 2022 09:46 AM

ඊයේ පෙරේදා එලිබැස්ස ජෙප්පෝ හිතන්නේ ඔහොමයි. 1971-1989 ජෙප්පෝ කරපු හරිය තමයි අපි තාම විඳවන්නේ. තාමත් දෑකැත්තයි මිටියයි වනවනා ප්‍රගතශීලී ප්‍රජාතන්ත්‍රවාදී රටක් හදනවලු. කාටද මේ කියන්නේ ගොබ්බ ජෙප්පන්ට. ප්‍රගතශීලී, ප්‍රජාතන්ත්‍රවාදී, කොමිනිස් කියන වචනවල තේරුම් නොදන්නා ජෙප්පෝ හුරේ දානවා .

:       6       45

ජුණ්ඩප්පුවා Saturday, 22 January 2022 04:31 PM

චීනා හාල් දෙනවා වුණාට ජ.වි.පෙ. කුක්කෝ කෙරුවේ, ගොවියා මුලාකරලා වී ගොවිතැන අඩාල කිරීමයි. මුංගෙ රතු තරුවේ උන්දැලා එක හාල් ඇටයක් උපද්දවන එක දෙයක්වත් කෙරුවාද? පන්දම් අරගෙන රට වටේ ගිහිං නාමල්, ජොන්ටා..., ගොවියා හිඟමනට තල්ලු කෙරුවා. යටත් විජිතයා එව්වට උඩ ගෙඩි දීලා දැන් නොමිලේ ලැබෙන හාල් ටිකත් නැති කරවන්නයි දත කන්නේ...

:       36       174

Bamunuarachchi Saturday, 22 January 2022 06:45 PM

රට කෑව පියා ජේවීපියා...

:       25       131

gunarathnaSaturday, 22 January 2022 08:16 PM

ජවිපය හිතාගෙන ඉන්නේ ජවිපෙ ආණ්ඩුවක් ආවොත් කිසිම උද්ඝෝෂණ, කඩාකප්පල් වැඩ සේරම නවතිනවා කියලා. හේතුව මේ සේරම කරන්නේ ජවිපෙ කාරයෝ මුල්වෙලානේ... නමුත් මේ අයට වැරැදිලා තියෙන්නේ... මොකද මේ අයගේ ආණ්ඩුවක්... ආපුවාම දැන් ඉන්න අය උද්ඝෝෂණ පටන් ගන්නවා.

:       5       36

BamunuarachchiMonday, 24 January 2022 09:29 AM

නැහැ නැහැ මහත්තයෝ ඔබත් ඈතට හිතලා නැහැ... ජෙප්පන්ට බලය යනවා කියන්නේ රට කොමියුනිස්ට් වෙනවා. ජෙප්පන්ගේ පාලන ක්‍රමය කොමියුනිස්ට්. උද්ඝෝෂණ, වර්ජන, තර්ජන බැහැ. එහෙම කළොත් මිනිය දණිස්සෙන් ඉහළට උස්සන්න එපා කියලා තුණ්ඩු කෑල්ලක් ගෙදර ඒවි. 1989 ජෙප්පෝ කළේ ඔවුන්ට විරුද්ධ වුණු අහිංසක මිනිස්සු මරුවා. මිනිය දණිස්සෙන් ඉහළට උස්සන්න එපා කියලා තුණ්ඩු කෑල්ලක් ගෙදරට එව්වා. අහිංසක මිනිස්සු කරේ බෝඩ් එල්ලා මහා පාරේ නිර්වස්ත්‍රව දණගස්සවලා තිබුණා. ඒවාට හරියන්න ශ්‍රීමත් ප්‍රේමදාස දුන්නා ජෙප්පන්ට ඇතිවෙන්න. දැන් ඉන්න ජේවීපී නායකයින් ඒ කාලේ ඉපදිලා නැති විදිහටයි කතාව. ශ්‍රීමත් ප්‍රේමදාස කාලේ නැවත ඒවි කියාහිතන්න පුළුවන්....

:       1       3

jeepa Saturday, 22 January 2022 07:57 PM

අනේ මේ... දෙන දේට ගරහනවනේ....

:       3       49

Rocky Sunday, 23 January 2022 06:21 AM

බමුණු මතධාරීන්ට යකා නැගලා වගෙයි.

:       25       6

deshapremi Sunday, 23 January 2022 07:08 AM

රාජ්‍ය නායකයකුට කතා කරන්න ඉගෙනගන්න.

:       4       25

raththaSunday, 23 January 2022 12:28 PM

ඇත්තටම දැන් මේ අය චීන නායකයන්ට හිනා වුනාට අපහාස කරාට මේ ගොල්ලන් ඉල්ලන විදිහට ලන්කාවේ රාජ්‍ය බලය ලැබුනොත් චීනය විතරක් නෙවෙයි රුසියාව ඇමරිකාව ඔය ඔක්කොම එක්ක ගනුදෙනු කරනවාද නැත්නම් අපි ලෝකෙත් එක්ක තරහයි කියලා සියලුම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවත්වලා ලන්කාව ලෝකෙන් වෙන් කරලා ඉන්නවාද​? දැන් කියන චන්ඩිකම් එතකොටත් තියේවිද​?

:       2       66

RaveendraSunday, 23 January 2022 06:07 PM

ඔබ විසින් විමසා ඇති පැනයන්වලට මලපෙරේත ජෙප්පන්ට පිළිතුරු දීමට නොහැක. මක්නිසාදයත් මේ කාලකන්නින් බලන්නේ කෙසේද (තමන් උපන් රට බංකොලොත් කර හෝ බලය ගනිමු... යන මුග්ධ න්‍යාය මනා ලෙස ක්‍රියාත්මක කරනවා) දියවන්නාව අනාථ මඩමේ බලය ලබාගන්නේ යන්න පමණි. එය මනාලෙස ඔප්පු වෙන්නේ සියලුම උද්ඝෝෂණ, වැඩවර්ජන සඳහා යොදාගන්නා පෝස්ටර්, බැනර්වල තිබෙන මලපෙරේත ජෙප්පන්ගේ අකුරු හැඩතල දෙස හොඳින් නිරීක්ෂණය කිරීමෙන්ය. (88/89 වකවානුවේ තිබුණෙත් එම අකුරුවල හැඩතල නොවේද?). සියලුම වැඩ වර්ජනවලට මෙම නිවට හිවලුන් හීන් නූලෙන් ක්‍රියාකර පසෙකට වී සිනාසෙමින් බලාසිටිම කොතරම් අවාසනාවක්ද..?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13266 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site