IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බණ්ඩාරගම ප්‍රා.ලේකම් පුටුවට ඉහළින් ආවාට විරෝධය

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)        

                        
බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරිය සිටියදී එහි රාජකාරි කටයුතු සඳහා නව ප්‍රාදේශීය ලේකම්වරියක පත් කිරීමට විරෝධය පළකරමින් එහි සේවක සේවිකාවෝ පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.   
                              
වසර ගණනාවක් සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළ කේ. ඩී. එස්. සජීවනා මහත්මිය මීට මාස දෙකකට පමණ ඉහතදී උසස්වීමක් ලබා මේ දක්වා සේවයේ යෙදී සිටියදී චෝදනාවකට ලක්වූ තැනැත්තියක් එම තනතුරට පත්කළ බවට ඔවුහු චෝදනා කළහ. 
                                    
මේ සම්බන්ධයෙන් කලුතර දිස්ත්‍රික් ලේකම් යූ. ඒ. සී. ජයලාල් මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය. 
                           
“අපි මීට පෙර ප්‍රාදේශීය ලේකම්වරියක් පත්කර තිබුණේ නැහැ. වැඩ බැලීම සඳහා පමණයි පත්කරලා තිබුණේ. එතුමියට ප්‍රාදේශීය ලේකම් තනතුරේ සුදුසුකම් නැහැ. ඇය පරිපාලන සේවයේ තුන්වන පන්තියේ අයෙක්. පරිපාලන සේවයේ පළමුවන පන්තියේ තැනැත්තියකට තමයි ප්‍රාදේශීය ලේකම් තනතුර ලබා දී තියෙන්නේ. මම කැමති නැහැ නිලධාරීන්ගේ අභිමානය නැතිකරන්න. ආයතන සංග්‍රහය අනුවයි පත්වීම් කරලා තියෙන්නේ. ”



අදහස් (6)

බණ්ඩාරගම ප්‍රා.ලේකම් පුටුවට ඉහළින් ආවාට විරෝධය

Ossan Salam Thursday, 10 January 2019 10:42 AM

කිසිදු ප්‍රශ්නයක් නැහැ. අගමැතිවරු දෙදෙනෙක් සහ විපක්ෂ නායකවරු දෙදෙනෙක් හිටපු රටක ප්‍රාදේශීය ලේකම්වරු දෙදෙනෙකුත් හිටියහම මොකද.?

:       0       1

Kumar Thursday, 10 January 2019 01:29 PM

අම්මෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඉන්න සේවක සේවිකාවන් තොගය... ලංකාවට දෙයියන්ගේම පිහිටයි..

:       0       0

rocky Thursday, 10 January 2019 03:32 PM

හරියට හරි. චෝදනාවලට ලක් වුණු තැනැත්තියක් නම් එයාට සුදුසුකම් තියනවා නේන්නම්! ඒ වගේ නිලධාරීන් තමයි ආණ්ඩුවට ඕන කරන්නේ!

:       0       0

wimal Thursday, 10 January 2019 03:33 PM

මොන පන්තියෙන් ආවත් බුදියන එක තමයි කරන්නේ...ඔය රාජ්‍ය සේවය කියන සුදු අලියා තමයි මේ රට ගිලගෙන ඉන්නේ ..

:       0       0

චමින්ද Friday, 11 January 2019 01:27 AM

මෙම වාර්තාව සුදුස්සෙක් පැමිණියාට විරෝධය ලෙස වෙනස් කරන්න...

:       0       1

ajith Friday, 11 January 2019 01:57 AM

මහින්ද මහත්තයා හිටිය කලේ මේ වගේ පිකටින් කරන්න මේ ගොල්ලන්ට කොන්දක් තිබුනේ නැහැ. දැන් ඕනෙම එකකට උද්ඝෝෂණ. නුසුදුස්සෙක් පත් කරන්න කියලනේ මේ කලබල කරන්නේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 244 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 594 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site