(අංජුල මහික වීරරත්න)
බඩගැන හිතන්න එපා රට ගැන හිතන්න කියා යහපාලන ආණ්ඩුව පරාද කර පත් වූ පොදුජන පෙරමුණු ආණ්ඩුව යටතේ බඩ ගැන හිතපු අයටත්, රට ගැන හිතපු අයටත් දෙගොල්ලන්ටම කන්න නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එ.ජා.ප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී පැවසීය.
අතීතයේ ධනපති පන්තිය හා නිර්ධන පන්තිය ලෙස පන්ති දෙකක් පැවැති අතර කුමන ආර්ථික අර්බුදය හමුවේ වුවද ධනපති පන්තියට ගැටළුවක් නොවූ බව කී නියෝජ්‍ය නායකවරයා වත්මන් ආණ්ඩුව යටතේ ධනපති පන්තිය අතේ මුදල් තිබුණත් කන්න නැති තත්ත්වයට පැමිණ ඇතැයි ද පෙන්වා දුන්නේය.
පවතින ආර්ථික අර්බුදය ජයගත හැකි හොදම විකල්පය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට රට බාරදීම යැයි ද ඔහු කීවේය.
එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සදහන් කළේය. කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වූ අතර නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෝදර අලුත්මාවත, ග්‍රෑන්ඩ්පාඩ් මහවත්ත, බ්ලුමැන්ඩල් කොටහේන, පිළියන්දල, මොරටුව රාවතාවත්ත හා සොයිසාපුර පැවැති ප්‍රවර්ධන වැඩසටහන්වලට එක්ව සිටියේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘බඩ ගැන හිතපු රට ගැන හිතපු දෙගොල්ලන්ටම දැන් කන්න නෑ‘