IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බීඩි කොල කිලෝ 1000 ක් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් තිබූ බිඩි කොළ කිලෝ 1050 කට ආසන්න තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ මාරවිල මුහුදුකටුව මුහුදු තිරයෙදී අද (15) පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ සිට නීතිවිරෝධී ආකාරයට මුහුදු මාර්ගයෙන් ධීවර යාත්‍රා දෙකකින් රැගෙන විත් මුහුදුකටුව වෙරළ තිරයේ දී ලොරි රථයටකට අදාළ බීඩි කොළ තොගය පැටවීමට සුදානම්වන අවස්ථාවේදීය.

ධීවර යාත්‍රා දෙකකින් රැගෙන විත් තිබු මෙම බීඩි කොළ තොගය උර 34 ක අසුරා තිබු බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 54  ඉක්මවන බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අදාළ බීඩි කොළ තොගය හා සැකකරුවන් ද බීඩි කොළ ප්‍රවාහනයට යොදා ගැනීමට සුදානම් කර තිබු ලොරි රථය ද ශ්‍රී ලංකා රේගුවට බාරදිමට කටයුතු කරන බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පවසති. 



අදහස් (0)

බීඩි කොල කිලෝ 1000 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site