යල කන්න සඳහා නැවත දැනුම් දෙනතුරු බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් අද (26) ගොවීන්ට දැනුම් දි තිබේ.
බඩ ඉරිඟු වගාවන්හි ඉතා සීඝ්‍ර යෙන් පැතිර යන "සේනා දළඹු" විශේෂය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මේ වන විට බඩ ඉරිඟු වගාව හැරුණු විට බෝග කිහිපයකටම සේනා දළඹු හානිය සිදු වි ඇති අතර මෙම දළඹුවා මර්ධනය කිරිම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත කෘෂි නිලධාරින් ඇතුළු අදාල අංශ පියවර ගෙන ඇත.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දළඹුවා වඩාත්ම කැමති බඩ ඉරිඟු වගාවට නිසා, මා සිතන්නේ බඩ ඉරිඟු යම් ප්‍රමාණයක් වගා කොට, දළඹුවා ඊට ආකර්ෂණය කොට වගාවත් සමගම විනාශ කර දැමිය හැකි බවයි. බඩ ඉරිඟු වගාව සම්පූර්ණයෙන්ම නවතා දැමුවොත්, මේ දළඹුවා පාලනය කල නොහැකි ආකාරයට වෙනත් ශාකවලට ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතිවිය හැක.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් 2018 මැයි මාසේ සේනා දළඹුවගේ හානිය හා එය ලෝක ආහාර නිෂ්පාදනයට තර්ජනයක් සේ සලකා 5 අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කර මුළු ලෝකෙටම පෙර අවදානම් තත්ත්වය ගැන පූර්ව දැනුම්දීමක් කර තිබෙනවා.. ඒ ගැන අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නොදන්නේද? ආචාර්ය මහාචාර්යවරු බැලුවොත් ඉන්නේ මේ සංවිධානය ඇතුලේ. තමන්ගේ රාජකාරි වගකීම පැහැර හරි සියලු දෙන්නාට විරුද්ධව නිසි පියවර ගන්න. අහිංසක ගොවි ජීවිතත් එක්ක ඔට්ටු අල්ලනවා ඔවුන්... මේ තරම් රසායනික යොදපු ආහාර කවුද කන්නේ ...?
බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න ගොවීන්ට උපදෙස් දීමට කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය ඉතාම කාලෝචිතය සහ නිසි වෙලාවට ගත තීරණය අගය කලයුතුවෙමු. සෑම දලබුවන්ම සේනා දලබුවන් නොවන බව ගොවියන්ට දැනුම් දී ඇති බවත් කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියතිබේ."මේ විශේෂිත සේනා දලබුවා"හැර ලංකාවතුල " tropical country " සමනලයන් බෝ කරන විවිද වර්ගවල දළඹු වර්ගයන් අතිවිශාල වසයෙන් සිටි. අනෙක් දලබුවන් සිටින්නේ මල් වගාවන් එළවලු වගාවන් වල පමණි.
එතකොට අර පාර්ලිමේන්තු විවාදේ?
එ්ක තමයි මේ වෙලාවේ තියන හොඳම දේ. මොකද බඩඉරිඟු වගාවට අනික් බෝග වලට මෙන් කෘමිනාශක යෙදීමත් දුෂ්කරයි. අමාරුවෙන් හෝ යෙදුවත්. බඩඉරිඟු කරල අැතුලේ සහ ගසේ නොමේරු කොටස් අැතුලට ගිය දළඹුවන් විනාශ නොවේ. එසේ නම් මුලු ගසම ගිනි තැබිය යුතුයි. ගිනි තියන්න වගා කරනවට වඩා වගා නොකරන එක හොඳයි. අනික් බෝග වලනම් මෙම දළඹුවා විනාශ කිරීම ටිකක් පහසුයි. මේ දළඹුවා විනාශ නොකලොත් මේ රටේ, මිනස්සුන්ට ඉතිරිවෙලා තියන ටිකත් ඉවරයි.
මේ ලෝකේ පුදුමාකාරයි. කෝටි ගනනින් අනික් හැම සතෙකුටම ස්වභාවික පරිසරය තුල යැපෙමින් ජීවත් විය හැක. හැබැයි මිනිසා නැමැති සත්වයා වවාගෙන කාලා ජීවත් විය යුතුයි. එතනදිත් වවාගෙන කන දේවලටත් ජලය, පොහොර, කෘමි උවදුරු අාදි දහසක් ගැටළු. මානා ඉලුක් වැනි ශාක මුඩු බිම්වල උනත් ඉතා සරුවට වැවෙනවා. හැබැයි ගොයම් ගහක් හැදෙන්න කෙතරම් සාධක බලපානවද? ලෝකේ ඉස්තරම්ම දේ හොඳම දේ. අමාරුවෙන්ම වවා ගන්නා දේ අාහාරයට ගන්නේ මිනිසා. අනික් සතුන් අතරින් මිනිසා වඩාත් දියුනු සත්වයෙක් වුනෙත් එ් නිසා වෙන්නැති.