(ඉන්දිකා රාමනායක )
දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා අද (24) වතුකම්කරුවන් ගාලුමුවදොර පිටියේදී ඇරැඹු උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළ අාකාරය ඡායාරූපවලින් දැක්වේ.
ඡායාරූප - ශාන්ත රත්නායක





(ඉන්දිකා රාමනායක )
දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා අද (24) වතුකම්කරුවන් ගාලුමුවදොර පිටියේදී ඇරැඹු උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළ අාකාරය ඡායාරූපවලින් දැක්වේ.
ඡායාරූප - ශාන්ත රත්නායක





COMMENTS
මෙම ඉල්ලීම කොපමණ සාධාරනදැයි නොවැටහේද?
යමක් කමක් කරගන්න බැරි අහිංසකයින්ට " තලන්න" අපේ පොලිසිය හරි දක්ෂයි. තම ජිවිතයම තේ වගාවට කැපකරන මේ අහිංසකයින්ට තේ වත්තෙන් එහා ජිවිතයක් දකින්නට වාසනාවක් නැහැමයි කියන්නට පුළුවනි. අපිට විදේශ විනිමය ගෙනෙන තේ වගාවේ තිරෙන් පිටුපස තියෙන ඛේදවාචකය මොවුන්ගේ දුක්බර ජීවිතයයි.
දුප්පත් මිනිස්සුන්ට වෙනම නීතියක් .
වතු කම්කරුවන්ගේ පඩි වැඩි වීම ඉල්ලීම සාධාරණයි නමුත් මුහුණු පොතේ පණිවිඩ වලින් ද්‍රවිඩ තරුණයින් එකතු වීම භයානකයි. එහි දී ඔවුන් විසුරුවා හැරීමට බැටන් පොලු නොවෙයි මෝල්ගස් වුවද පාවිච්චි කිරීම සාධාරණයි . මෙසේ එකතු වීම එජාපෙට කුමක් වුවත් ජනතාවගේ ඇඟට ගුණ නැත .
සම්පුර්ණ වැරදි.
එතකොට අර ජීඑම්ඕඒ එකේ ස්ට්‍රයික් යනකොටත් මෙහෙමද?
මේ මිනිස්සු අනේකවිද දුෂ්කරතා විඳිමින් රටට සල්ලි උපයල දෙන අය ඒ අයගේ ඉල්ලීම් අසාධාරණ නැහැ.1000ක් නෙමෙය් 2000ක් උනත් දෙන්න වටිනවා.
ඉල්ලීම් දිනාගන්නනම් උද්ඝෝෂණ කිරීම වරදක් නැහැ. නමුත් පාරවල් අවහිර කරමින් පොදු ජනතාවගේ කාලය නාස්ති කරනවානම් එවැනි අය විසුරුවාහැරිය යුතුමයි.
පහළ තැනින්නේ වතුර ගලා බහින්නේ... ඔක්කම අහිංසකයන්ටම තමා
මින්නිස්සුන්ට උද්ඝෝෂණ කරන්න අයිතියක් තියෙනනවා. එකට ආගමක් හෝ ජාතියක් අදාළ නැහැ, ඒ මිනිස්සු ප්‍රජාතන්ත්‍රික විදිහට තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න අාවේ. ඒ අයත් මේ රටේ මිනිස්සු.
පහත් තැනින් යයි ගලා ජලේ .....
පඩි වැඩි කරන්න කියන්නේ ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න අමාරු නිසා. නැතිව මාලිගාවල් හදන්න නෙවෙයි. මේ මිනුස්සුන්ට ලැබෙන්නේ ඉතාම ඉතා සොච්චමක්. ගතකරන්නේ අල්පේච්ඡ ජීවිතයක් ඉතා අඩු පහසුකම් මැදින්. මේවට විසඳුම් යනු පොලු පහරවල් නෙවෙයි. මොවුන්ට සධාරණයක් කලයුතුයි.
පඩි වැඩිකර දිය යුතුයැයි කරන උද්ඝෝෂණ පිටුපස යම් කතාවක් ඇත..... එය භයානකය....