IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


‘‘බැටිකලෝ කැම්පස් ආයතනයේ සම්පත් රජයේ විශ්ව විද්‍යාලයකට‘‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මඩකලපුව බැටිකලෝ කැම්පස් ආයතනයේ සම්පත් රජයේ විශ්ව විද්‍යාලයකට හෝ විශ්ව විද්‍යාලයක මණ්ඩපයකට පැවැරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද (22 )පැවැසීය.

එම ආයතනය වෙනම විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යනවාද එසේ නැතිනම් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ තවත් මණ්ඩපයක් සඳහා ලබා දෙනවාදැයි ඉදිරිපත්ව ඇති විකල්ප දෙකක් ගැන මේ දිනවල සලකා බලා ගෙන යන බවද ඇමැතිවරයා කීය .

බැටිකලෝ කැම්පස් ආයතනය පුදුමාකාර සම්පත් ඇති තැනක් බවත් එහි සියලූ සම්පත් රජයේ විශ්ව විද්‍යාලවලට ඈඳා ගන්නා ආකාරය මේ දිනවල අධ්‍යයනය කරගෙන යන බවත් ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය .

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෛද්‍ය ශිෂ්‍යයන් සියයක් මේ වසරේ ඇතුළත් කර තිබෙන බවත් එය ලොකු සහනයක් බවත් ඔහු කීය.

එම නිසා එම ආයතනයට වැඩි වැඩියෙන් පහසුකම් ලබාදීම ලබා දීම යුක්ති සහගතදීම යුක්තිසහගත යැයි ද අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය .

බැටිකලෝ කැම්පස් ආයතනය විශ්ව විද්‍යාලයක් නොවන බවත් එයට උපාධි පිරිනැමීමට කිසිදු බලයක් නැති බවත් පීරිස් මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා(ස.ජ.බ)යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .

 



අදහස් (3)

‘‘බැටිකලෝ කැම්පස් ආයතනයේ සම්පත් රජයේ විශ්ව විද්‍යාලයකට‘‘

saliya Thursday, 22 April 2021 12:09 PM

කයිවාරු නවත්තලා වැඩක් කරන්න. මාස 06ක් ගියා. තවම උසස්පෙළ ප්‍රතිඵල නැහැ. කවදාවත් මෙහෙම පරක්කු වෙලා නැහැ. වහාම ප්‍රතිඵල නිකුත් කරන්න.

:       17       25

siri Thursday, 22 April 2021 12:15 PM

ඡන්ද කාලේ ඕකට ෂරියා කෑල්ලකුත් අමුනලා පට්ට ගැහුවා නේද? ඒ කාලේ වේදිකාවල කිව්වේ බලයට පත්වූ හැටියේ ඕක රජයට පවරාගෙන රජයේ විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යනවා කියලා වගේ මතකයි. හැබැයි ඉතින් ඒ කාලේ සයින්දමරුදු වලට වෙනම ප්‍රාදේශීය සභාවක් දෙනවා කියලා කිව්වෙත් නැහැනේ. ඒ කතාත් ඉතින් හරියට අර මහනුවර රජතුමාට හකුරු සපයපු පුද්ගලයා හකුරු නිෂ්පාදනය ගැන කියපු කතාව වගේ කතා තමයි. ඒ කොහොම වුණත් මෙතරම් විශාල ව්‍යාපෘතියක් සඳහා ප්‍රතිපාදන ලැබුණේ කොහොමද කියලා හොයලා බැලුවොත් නරකද? තව ඔය ආකාරයේ මහා පරිමාණයේ ආධාර මොන මොන දේවල් වලට ලැබිලා තියෙනවද කියලා කවුද දන්නේ?

:       5       13

jayasekaraFriday, 23 April 2021 03:39 AM

මකත තියා ගන්ඩ් ඔකෙන් වැඩි හරියක් සිද්ධ වුනේ යහපාලන ආණ්ඩු කාලේ බව

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site