(ටී.කේ.ජී.කපිල )
ඕස්ට්‍රේලියාවේ සිටි බංගලාදේශ ජාතිකයන් 165 දෙනෙකු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් බංග්ලාදේශය වෙත යැවීම සදහා අද (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන එම විශේෂ ගුවන් යානය අද රාත්‍රී 8.05 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට බංග්ලාදේශයේ ඩකා නුවර වෙත ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගයක් නොමැති බැවින් මෙසේ එම ගුවන් මගීන් ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ පසුව යළිත් බංග්ලාදේශයේ ඩකා වෙත රැගෙන යෑම සිදු කෙරේ.
මෙම ගුවන් යානයෙන් පැමිණි බංගලාදේශ ජාතික ගුවන් මගීන් පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු සියල්ල කටුනායක ගුවන් තොටුපළේ දී විශබීජ හරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලක් කෙරුණි.
ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළේ සිට බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරන විශේෂ ගුවන් යානය වෙත 165 දෙනෙකුගෙන් සමන්විත මෙම මගීන් පිරිස ඇතුළු කරනු ලැබීය.
ඊට අමතරව මෙම වසංගත රෝග තත්වය නිසා බංග්ලාදේශය වෙත යෑමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ රැදී සිටි තවත් බංගලාදේශ ජාතිකයන් 11 දෙනෙකු ද , මෙම ගුවන් යානය තුළට ඇතුළු කරනු ලැබීය .
ඒ අනුව බංගලාදේශ ජාතිකයන් 176 දෙනෙකු රැගෙන මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය අද රාත්‍රී 10.05 ට කටුනායක ගුවන් තොටුපළෙන් , බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව ගියේය .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බංගලාදේශ ජාතිකයන් රැගෙන ශ්‍රී ලංකන් ගුවන් යානයක් පිටත් වෙයි
gag Friday, 08 May 2020 06:56 PM
අර හූලේ ගේ දුවත් මේකෙම දාල බංගලිදේශයට යැව්ව නම් නේද හොඳ? මොකද එයා සැමන් පැක් කරලවගේ යනකොට කැමතියි වගේ.
lankaFriday, 08 May 2020 08:06 PM
එයා එහෙම අකමැති හින්දනේ එහෙම කිවුවේ... අනික එයා ලංකාවේ පුර වැසියෙක්නේ. එයා කැමැත්තෙන් ගියොත් මිසක් ඔයා කොහොමද එයාව පිටුවහල් කරන්න තීරණය කරන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න
විසල් Saturday, 09 May 2020 01:54 AM
දේශප්‍රියගේ ළමයි ගැන කතාකරන අය ඔය සිද්ධිය නොදන්නවා වගේ ඉන්නේ... පව්, ඒ මහත්මයාව තනිකරම අසරණ කළා.
Prabath Sunday, 10 May 2020 02:24 AM
මොකක්ද මේ රට කරන්න යන්නේ? මේ රටේ ඉන්න මිනිස්සු ගැන හිතන්න. ඉන්නකෝ ජන්දයක් එනකල්....