IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පළමු වසරට ළමයි ගන්න පරීක්ෂණයේ ලකුණු වෙනස් කර ඇතැයි පැමිණිලි

(රංජන් කස්තුරි)

2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණ වලදී සිසුන්ට හිමි වූ ලකුණු  ප්‍රමාණය තාවකාලික පොරොත්තු ලේඛණවලට ඇතුළත් කිරීමේදී වෙනස්කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

විශේෂයෙන් ආසන්න පදනම යටතේ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ සිසුන්ගේ ලකුණු ප්‍රමාණ වෙනස්කර ඇති බවට පැමිණිලි ලැබී තිබෙන බවද ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි අධ්‍යාපන ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර කිසියම් ශිෂ්‍යයෙකුට ලකුණු දීමේදී අසාධාරණයක් සිදුව ඇතැයි සැක කරන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබාගෙන අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (0)

පළමු වසරට ළමයි ගන්න පරීක්ෂණයේ ලකුණු වෙනස් කර ඇතැයි පැමිණිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site