IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


පොළොන්නරු යුගයට අයත් රන් මුදු - කරඬු අභයගිරියෙන් හමුවේ

(මනුල වික්‍රම)
 
අනුරාධපුර අභයගිරි  ස්ථූපයේ සංරක්ෂණ කටයුතුවල දී කැණීමකින් සොයාගත් පුරාවස්තු අතර රනින් නිමකළ බවට සිතිය හැකි ක්‍රිස්තු වර්ෂ 12වැනි සියවසට අයත් කුඩා කරඬුවක්, මුද්දක් හා කර්ණාභරණ ඇතුළු පුරාවිද්‍යත්මක සාධක රැසක් සොයාගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය ටි.ජී. කුලතුංග මහතා පවසයි.
 
මෙම පුරාවස්තු අතර අභයගිරි දාගැබේ පහළ පේසා වළල්ලක ඉදිරිපස වැළලී තිබූ මැටි පාත්‍රයක මුද්ද හා අනෙකුත් පූජා වස්තු හමු වී ඇත. කරඬුවද එම ස්ථානයට නුදුරේම හමුවී ඇත. තුනී තහඩු කැබැලි, අස්ථි කොටස්, අස්ථියකින් තැනූ වළලු කොටසක්, රන් දඟර ආදිය ෙහමුවී තිබේ.
 
අභයගිරි ව්‍යාපෘතියට අයත් පර්යේෂණාගාරයේ දි කරන ලද මූලික පර්යේෂණයේ දී මෙම පුරාවස්තුවල ස්වභාව ‍හඳුනාගෙන ඇති අතර මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කොළඹ ප්‍රධාන කාර්යාලයේ අවසරයකින් පසු  කරඬුවේ අභ්‍යන්තරයේ  ඇති වස්තුව කුමක්දැයි එක්ස්රේ පර්යේෂණයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව මහාචාර්යවරයා පවයි.
 
‘‘මෙම රන්පාට කරඬුව විවෘත කිරීම ඉතා අසීරුයි. කැඩීයන්නට ඉඩ තිබෙනවා. ඒනිසා අපේ ප්‍රධාන කාර්යාලයේ අවසරයක් ඇතිව එහි අභ්‍යන්තරය එක්ස්රේ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේවා පොළොන්නරු යුගයට අයත් බවට සැලකෙන්නේ,  අවසන් වරට 12 වන ශතවර්ෂයේ දී මහා පරාක්‍රමබාහු රජතුමා ස්ථුපයේ සංකරක්ෂණයක් කර තිබෙනක නිසා. ඒ ගැන සඳහන් ලේඛන මුල දි හමුවී තිබෙනවා. මෙම භාණ්ඩ එක් කරඬුවක බහාලූ තවත් කරඬුවක් ඇතුළේ තැන්පත් කර තිබුණා. ඒ කරඬුව තිබුණේ මැටි පාත්‍රාවක‘‘ යැයි ද මහාචාර්යවරයා පැවැසුවේ ය.



අදහස් (6)

පොළොන්නරු යුගයට අයත් රන් මුදු - කරඬු අභයගිරියෙන් හමුවේ

du Friday, 09 August 2019 12:33 PM

අපේ සැබෑ ඉතිහාසය සොයායෑම ඉතා වැදගත්...

:       2       56

මාදව Friday, 09 August 2019 02:32 PM

තව ටික දවසයි.. ඕක මහින්ද මහත්තයගේ අතේ තියෙයි. කමක් නෑ එක්කෝ නේ...?

:       406       215

Chathuri Friday, 09 August 2019 03:41 PM

රජ කාලේ දැන් වගේ බැංකු තිබුණාද? ඕවා තැන්පත් කරලා තියන්න මැටි මුට්ටි තමයි ආරක්ෂාවට... පාවිච්චි කරලා තියෙන්නේ. අර විපක්ෂ නායකයාගේ. කඩුව හම්බ වුනේ නැත්ද? ඒ නිසා රජකමත් නැතිවුණා.

:       211       85

Kumar (Gulf) Friday, 09 August 2019 06:43 PM

ඕවා පිල්ලි ගහන්න බැරි නෑ.

:       0       38

රජින්ද Saturday, 10 August 2019 08:03 AM

ඇයි මේ නිධන් කරපු පූජනීය භාණ්ඩ පරීක්ෂා කර ඒවා සටහන් කර නැවත ඒ ස්තුප හෝ දාගැබ්වල තැන්පත් නොකරන්නේ? මේ පූජනීය භාණ්ඩ තථාගතයාණන් වහන්සේට පූජාකරපු භාණ්ඩයි. ඒවා ප්‍රදර්ශන භාණ්ඩ නොවේ. අනෙක මෙම පූජාභාණ්ඩ දාගැබ්වල නිධන් කරන්න ඇත්තේ නිකන්ම නෙවෙයි. පුද-පූජා මහෝත්සව පවත්වලා වෙන්න ඕනෑ. එහෙම නිධන් කරපු පූජා භාණ්ඩ නැවත ගොඩගැනීම මේ රටේ පැවතුණු සෞභාග්‍ය කෙලෙසීමක්...

:       3       136

මෝSaturday, 10 August 2019 10:39 AM

ආයේ තැන්පත් කළොත් නියමෙට තියෙයි. අපේ අයියලා අභයගිරි චෛත්‍යයත් බිමට සමතලා කරයි නිධන් හාරලා. ඔන්න ඔහේ ඕවා කටුගේක තැන්පත් කරලා තියන්න.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 605 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 814 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 349 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site