(ක.ග.කරුණාරත්න )
පොලොන්නරුව දිස්ත‍්‍රික්කය තුළ සිටින ගැබිනි මව්වරුන්ට හදිසි රෝහල් ගතවීමේ අවශ්‍යතාවයකදී පැය 24ක් පුරා ක‍්‍රියාත්මක නව ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇතැයි පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ඇතුලූ පුහුණු සෞඛ්‍ය කාර්යමණ්ඩලයක්ද ඒ සඳහා යොදවා තිබේ.
දැනට රජය මගින් සළසා තිබෙන 1990 සුව සැරිය ගිලන් රථ සේසවාව ලබා ගැනීමට නොහැකි අවස්ථාවලදී මෙම නව ගිලන් රථ සේවය ලබා ගත හැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා කීය.
නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය මගින් ඇඳිර නීතිය පනවා තිබීමෙන් මහජනතාව කිසියම් අපහසුතාවට පත්වීම මඟහැරවීම සඳහා මේ ක‍්‍රියා මාර්ගය ගැනීමට තීරණය කල බවද පැවැසීය.
027 31 22244 දුරකථන අංකයට ඇමතුමක් ලබාදී තම අවශ්‍යතාවය සහ ලිපිනය දැනුම්දී මෙම සේවාව ලබා ගත හැකිය.
2025 නොවැම්බර් මස 21
38
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1001
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පොළොන්නරුවේ ගැබිනි මව්වරුන්ට රෝහල් අවශ්‍යතා වෙනුවෙන් ගිලන්රථ සේවයක්