(නිමල කොඩිතුවක්කු)
පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමය යටතේ ඉතා ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹදී අද (07) පැවසීය.
බොහෝවිට ඉදිරි මාස තුනක කාලය තුළ පාළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇතැයිද අබේවර්ධන මහතා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේද කීවේය.
‘‘ජනාධිපති සහ අගමැතිවරයා විසින් මැතිවරණ කොමසාරිමස්වරයා කැඳවා පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට උපදෙස් දුන්නා. පාර්ලිමේන්තුවේදී මේක ප‍්‍රමාද වෙනවනම් ඊළඟ මැතිවරණය කොට්ඨාස ක‍්‍රමයටත් මේ මැතිවරණය පවතින මනාප ක‍්‍රමයට පැවැත්වීමටත් එහිදී උපදෙස් දුන්නා.
මේ රටේ ජනතාව මැතිවරණ නැතුව පීඩනයෙන් හිටියා. ජනතා පීඩනය නිසා මේ වතාවේ විතරක් පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමය යටතේ පවත්වන්න පුලූවන්. ඒ නිසා කෙටි කාලයකින් මේ මැතිවරණය පැවැත්වීමට නියමිතයි‘‘ යැයිද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට - ලක්ෂ්මන් යාපා
රංජන් Wednesday, 07 November 2018 11:48 AM
නීතිය නැතුව එහෙම කරන්නෙ කොහොමද? අමතක වුනා, දැන් මේ රටේ නීතියක් නෑනේ.
BamunuarachchiThursday, 08 November 2018 04:45 AM
හලෝ නීතිය තිබුණානම් විසිඑක්වෙනි ශතවර්ෂයේ ලංකාවේ සිදුවූ මහා බැංකු කොල්ලයේ හොරු ටික හිරේ ඉන්න එපාය.
චමින්ද Wednesday, 07 November 2018 12:03 PM
ඒ කියන්නේ එක් වරකට එක් පළාත් සභාවකට හෝ දෙකකට මුලු රාජ්‍ය බලයම යොදා ඡන්ද පවත්වන ක්‍රමයද.
shann saudi Wednesday, 07 November 2018 12:42 PM
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න , පහළොස් වෙනිදට යලි මා ඇහැරවන්න
sandy123Wednesday, 07 November 2018 02:39 PM
යන විදිහට 15 විශ්වාස නැහැ.
sandy123 Wednesday, 07 November 2018 02:40 PM
දැන්නේ මතක්වෙලා තියෙන්න පරණ ක්‍රමය ගැන.
lalith Wednesday, 07 November 2018 10:12 PM
අනේ අසන ක්‍රමයට ඡන්දෙ තිබ්බොත් ජේවීපි එකට මොකද වෙන්නේ? පව් ඒ අසරණයින්ටත් මොකක් හරි ජිවනෝපායක් හැදෙන විදියට ඡන්දේ තියන්න. පඩි පතට නම් විදින්න එපා....
upasena Thursday, 08 November 2018 04:12 AM
කොයි පැත්ත පෙරලුනත් මේ ගොල්ලන්ගේ ඇමතිකම් හෙල්ලෙන්නේ නැහැ. නියම ශ්‍රීලාංකික දේශපාලනය!
Bamunuarachchi Thursday, 08 November 2018 04:16 AM
මොකටද පළාත්සභා ඡන්ද කෙලින්ම මහා ඡන්දෙකට යන්න පාර හදා ගමු