IMG-LOGO

පළාත් පාලන ආයතනවල රාජ්‍ය සේවකයන්ට අවුරුද්දට පඩි ගෙවීම ගැටළුවක්ලු

(සිරංගිකා ලොකුකරවිට)

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල සේවය කරන රාජ්‍ය සේවකයන්ට මෙවර අලුත් අවුරුද්දට පෙර වැටුප් ගෙවීම ගැටලුවක් බවත් එයට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (1) ගාල්ලේ දී පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි.

කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

‘අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්වූ නිසා ආණ්ඩුවට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඇතැම් අය හිතාගෙන ඉන්නවා. අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ පොහොට්ටුව බලය අල්ලාගෙන ඉන්න පළාත් පාලන ආයතනවලට සහ පළාත් සභාවලට. මේවායේ සේවය කරන රජයේ සේවකයන්ට අවුරුදු කන්න පඩි ගෙවන්න අවශ්‍යයි කියලා හිතන්නෙත් නැතිව පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂය පරාජයට පත්කලා. මේකට වගකියන්න ඕනෑ විපක්ෂයයි"

'' අයවැය කාරක සභා අවස්ථාවේදී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය සම්මත වූ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගණනාවක ද වැය ශීර්ෂ සම්මත වෙමින් තිබුණ අවස්ථාවේදී හදිසියේ බෙදීමක් ඉල්ලා සිටියා.

නමුත් කලින් පැවැති පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවකට පැමිණියා ඡන්දයක් නොපවත්වන බවට. මේ හදිසි බෙදීම ඉල්ලා සිටීම නිසා පැවැත්වූ ඡන්ද විමසීමෙන් වැය ශීර්ෂ පරාජයට පත්වුණා. ඒ  නිසා පළාත් 9 ක පළාත් පාලන ආයතන 341 ක අප්‍රේල් 5 වැනි දායින් පසු වැඩ අවසන් කර ඇති වැඩකටයුතු සහ වැඩ කෙරෙමින් පවතින වැඩවල අත්තිකාරම් මුදල් සහ කිසිදු මුදලක් ගොවීමට නොහැකි වෙනවා.  

මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉතිහාසයෙත් විවිධ අවස්ථාවල වැය ශීර්ෂ පරාජය කර ඇතත් එයින් ආණ්ඩුවලට හානියක් සිදු නොවූ බවයි. මෙවර එය බැරෑරුම් ප්‍රශ්නයක් වන්නේ වෙනදා අයවැය ඉදිරිපත් වන්නේ දෙසැම්බර් මාසයේ වුවත් මෙවර අයවැය ඉදිරිපත් වෙන්නේ සිංහල හින්දු අවුරුදු සමයේ බැවිනි.

 



අදහස් (19)

පළාත් පාලන ආයතනවල රාජ්‍ය සේවකයන්ට අවුරුද්දට පඩි ගෙවීම ගැටළුවක්ලු

Bamunuarachchi Monday, 01 April 2019 11:40 AM

ඉතින් අපිට මොකද? පළාත් පාලන වැයශීර්ෂ දිනාගන්න බැරි ඔහෙලා කොහෙද ඡන්ද දිනන්නේ? හලෝ කරන්න පුළුවන් මිනිහෙකුට දීලා තොලොංචිවෙලා යනවකෝ අපිට පව් නොදී...

:       528       556

sanaMonday, 01 April 2019 02:28 PM

බමුණුආරච්චි නම් ගෝත්‍රිකයාට කොරගන්න බැරි වෙච්ච හින්දා අනුන්ට බැණ අඬගානවාද?

:       264       301

BamunuarachchiMonday, 01 April 2019 04:34 PM

බමුණුආරච්චි ගැන කතා කරන්න එපා... බමුණුආරච්චි කීවදේ හරිද වැරදිද කියලා කරුණු සහිතව කතා කරනවා. ගොබ්බ පාට් නැතිව... තමන්ගේ පසුපෙළ මන්ත්‍රීලා නැගිටලා ගියානම් කොහොමද වැය ශීර්ෂය අනුමත කර ගන්නේ? එක තේරෙන්නේ නැති ගොන් හැතිකරය බමුණුඅාරච්චිට බැනලා වැඩක් තිබෙනවාද? මේවගේ අය තමයි අර 62 පිරෙන්න ඉන්නේ.

:       265       451

NissankaTuesday, 02 April 2019 07:43 AM

පසුපෙළ නැගිටලා ගිය නිසා නෙවෙයි. කාරක සභාවේදී ඡන්දයක් එපා කියලා හොරෙන් පොඩි එවුන් වගේ හැංගිමුත්තම් සෙල්ලමක් දාල තමයි වැය ශීර්ෂය පැරද්දුවේ. මේ ගොන් බමුණා හිතාගෙන ඉන්නේ එයා කියන දේවල් හරි තර්කානුකුලයි කියලා. සිහිබුද්ධියක් තියෙන මිනිස්සු මේවා දැකලා බඩ අල්ලන් හිනා වෙනවා. මේ වගේ වහල්, වැඩවසම් අදහස් තියෙන මිනිස්සු මේ 21 වෙනි ශතවර්ෂයේ ඉන්නවද කියලා.

:       0       1

Vajira Monday, 01 April 2019 11:59 AM

මේ පොහොට්ටුවේ බයියෝ කළොත් වැඩක් ඔහොමමයි. දැන් ඉතින් අවුරුද්දට අපිට උඩ බලාගෙන තමා ඉන්න වෙන්නේ...

:       419       248

BamunuarachchiMonday, 01 April 2019 04:38 PM

තමන්ගේම බයියෝ පස්ස දොරෙන් බැහැලා ගියාම බයියෝ මොකටද මුන්ව ගොඩගන්නේ... පයින් ගහලා වලටම තල්ලු කරනවා හැරෙන්නට. අහපල්ලා තමන්ගේම එවුන් පැනලා ගියේ ඇයි කියලා.

:       47       200

Chanak Los angelesTuesday, 02 April 2019 02:32 AM

ඕවා ඔක්කොම මැදමුලන බයියන්ගේ ප්ලෑන්.. හොර අගමැතිව එලියට දාපු අපිට ඕක අයිමත් සම්මත කරගන්න එක සිම්පල් ..

:       14       26

IndikaTuesday, 02 April 2019 04:15 AM

එතකොට UNP පසුපෙළ මන්ත්‍රීන්ට වගකීමක් නැද්ද මේකේ ? ඒගොල්ල පැනලා ගියාම එකාබද්දේ මන්ත්‍රීලද මේක දිනවලා දෙන්න ඕනේ ?

:       1       7

BamunuarachchiTuesday, 02 April 2019 07:57 AM

ඔන්න ඔයටික අර ලොස් ඇන්ජලීස් කෙනාට කියලා දෙන්න.

:       1       0

Nissanaka Monday, 01 April 2019 12:03 PM

පම්පෝරි ගැහුවට අයවැය පරද්දන්න බැරි වුණා. හැංගිමුත්තන් සෙල්ලන් කරලා යන්තම් වැය ශීර්ෂයක් පැරැද්දුවා. එ්කෙත් පරහක්. ඉතින් කොහෙද මෙයාලත් එක්ක අපි ආණ්ඩු පරද්දන්නේ?

:       250       151

BamunuarachchiTuesday, 02 April 2019 12:44 AM

රනිල් මහත්තයම කියලා තිබෙනවා ආණ්ඩු පක්ෂයේ මිනිස්සු නොහිටිය නිසා වැය ශීර්ෂය පරාදයි කියලා. මෙයා හැංගි මුත්තන් ගැන කතා කොරනවා. තමන්ගේම අය පැනලා ගියානම් අපි මොකටද චන්දෙ දීල ගොඩ දාන්නේ. ඌරාගේ මාළු ඌරාගේ ඇඟේම තියලා කපනවා මිසක්.

:       1       1

NissankaTuesday, 02 April 2019 07:50 AM

රනිල් කොහෙවත් එහෙම කියලා නැහැ. කිරිඇල්ල ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී පැහැදිලිවම කිව්වා. කාරක සභා අවස්ථාවේ ඡන්දයක් එපා කියලා හැංගිලා ඉඳලා ඇවිත් බෙදීමක් ඉල්ලුවා. හරියට පොඩි එවුන් හැන්ගිමුත්තම් කරනවා වගේ. ලැජ්ජයි. මේ අය කරන්නේ මේ වගේ කුමන්ත්‍රණ වැඩ. අන්තිමේදී එයාලම විනාශ වෙනවා. මතකනේ කුමන්ත්‍රණ කරලා අගමැතිකම අරගෙන උන දේ. උසාවියෙන් පයින් ගහලා දොට්ට දැම්මා.

:       0       1

Chanak Los angelesTuesday, 02 April 2019 05:09 PM

නිස්සංක ඔය බමුනටත් ඕක වටහලා දෙන්න .

:       0       0

කැකිරා Monday, 01 April 2019 12:16 PM

බොර දියේ මාළු බාන්න දඟලන විලිලැජ්ජා නැති උදවිය..

:       26       22

BamunuarachchiTuesday, 02 April 2019 12:31 AM

වතුර බොර කොරන්නේ තමන්ගේම එවුන් නම් මාළු කොටන්න ඉන්න අපි මොකටද බලා ඉන්නේ කියලා නොතේරෙන අය ඉන්නවානේ.

:       2       1

Hafeel Monday, 01 April 2019 03:05 PM

පොහොට්ටුවට දොස් කියන්න එපා. ඒ අවස්ථාවේ ඔයාලගේ මන්ත්‍රීලා කොහෙද හිටියේ? පොහොට්ටුවටද නැත්නං ඔයලාටද පාර්ලිමේන්තුවේ බහුතරය තියන්නේ... නිකන් අහිංසක රජයේ සේවකයන්ගෙන් පලිගන්න නැතුව, අවුරුද්ද සමරන්න වැටුප් ගෙවන්න. විනාඩි 10ක් පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එක අක්‍රීය වුණු ගමන්, පක්ෂ බේදයෙන් තොරව ලිෆ්ට් සේරම අලුත් වැඩියා කරන්න ක්ෂණික මුදල් වෙන්කළා. මෙතන්ට වැටුප් ගෙවන්න වෙන කතාව...

:       105       469

Jehaan Monday, 01 April 2019 07:06 PM

අවුරුද්දට පඩි ගෙවන්න ඕන හරියට වැඩක් කරන කාර්යක්ෂම සේවකයන්ට . බහුතරයක් රාජ්‍ය සේවකයෝ නියමිත රාජකාරි වැඩ කිරීම තියා අඩු ගානේ මහජනයාට හරියට කතා කරන්න දන්නවාද ? කොහොමද කතා කරන්නේ කියලා දැනගන්න ඕන උදවිය බමුණුආරච්චිගේ භාෂාව දිහා බලන්න.

:       0       18

චමින්ද Monday, 01 April 2019 08:39 PM

ප්‍රාදේශීය සභා වල සනීපාරක්ෂක කම්කරු වන් ඇරුනහම ඉන්න ඔක්කොම පගා මරුවො. විශේෂයෙන්ම TO ලා. ඒගොල්ලන්ට හැමදාම අවුරුදු . ප්‍රාදේශීය සභාව අය මගෙන්ම සැලසුමක් අනුමත කරන්න හොදට පගාව ගත්තා.

:       0       5

චමින්ද Tuesday, 02 April 2019 01:08 AM

ආණ්ඩුවේ මන්ත්‍රීලා පාර්ලිමේන්තු ආවානම් ඔහොම වෙන්නේ නැහැනේ. ඔබතුමා අහල නැද්ද රජතුමාට සුදුහකුරු හදපු හැටි. විපක්ෂයේ ඉන්නේ රජුට සුදු හකුරු හැදුව වගේ වැඩ කරන අය කියලා අපිනම් දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 144 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site