පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (25) අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස උපදෙස් දී තිබේ.
ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් වෙහෙසට පත් කරවීම ඇතුළු කාරණා රැසක් මෙම කමිටුවේදී සාකච්ඡාවට බඳුන්වී ඇත.
(36698)
COMMENTS
ඕක ඇත්තටම ළමයින්ගේ ළමා කාලය විනාශ කරන විභාගයක්. සමහර දෙමාපියෝ හතර වසරේ ඉදන්ම ළමයි පන්ති අරන් ගිහින් මොළය විනශ කරනවා. ඕක අයින් කරලා, සාමන්‍ය පෙළ ප්‍රතිඵල අනුව ගමවල් වල ළමුන්ට අවස්ථාවක් ක්‍රමයක් තමයි ඕන.
වරප්‍රසාද ලත් පිරිසක් පහේ ශිෂත්වයට විරුද්ධ වෙන්නේ , ගම් වල ළමයින්ට වඩා හොඳ පාසලකට යන්න තියෙන අවස්ථාව නැති කරන්නයි . බොරු හේතු පෙන්වා කිබුල් කඳුළු හෙලනවා. හැමෝටම උසස්පෙළ දීමේත් අරමුණ ඕකමයි. පසුගියවර A නවය ගත් ගමේ බොහෝ දෙනෙකුට පාසල් දුන්නේ නැහැ ජාතික පාසල් වල ඉඩ නැහැ කියල
ලොකු පිනක් කරගන්නේ. මේ මනස්ගාත විභාගේ නිසා අපේ ළමයි මෝඩ වෙනවා. පාසල් යන්නේ පාඩම් කරන්නේ විභාගේ පාස් කරන්නනේ. එතැනින්ම මෝඩ වෙන එක පටන් ගන්නවා. අනික තමයි මේ විභාගේ ළමයින් ලියන්නේ ඒගොල්ලොන්ගේ අම්මලා වෙනුවෙන්නේ. ජපානයේ පලවෙනි වසර 3-4 වෙනකල් කිසිම විභාගයක් නැහැ. පෞරුෂත්වය වැඩීම, නායකත්වය, කණ්ඩායම් හැඟීම, සහකම්පනය ( empathy ) වගේ ප්‍රායෝගික දේවල් තමයි එහෙ පොඩි අයට පුරුදු කරන්නේ .
ඕක ගිය ආණ්ඩුව කාලේ බන්ධුල මහත්තය ගේනකොට කෑ මොර දුන්න උදවිය දැන් මොකද කියන්නේ?
චක්‍රලේඛය පමණක් නොව, මුළු ශිෂ්‍යත්ව විභාගයම අවලංගු කළ යුතුයි.
ඉතාම අපුරු තිරණයක්, අධ්‍යාපන ඇමතිතුමාට බොහෝම ස්තුතියි!! රටේ මිනිස්සුන්ගේ තරගයට අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොකර මෙවැනි තිරණ ගැනීම ඉතාම යහපත්. මේ ආකාරයටම ඉදිරියටම යමින් රටේ තිබෙන ඊනීයා අධ්‍යාපන තරගය නැති කරන්න! සියලුම විභාග නැති කර දමන්න! දරුවාගේ පාසල් සමය පිඩනයකින් තොරව අවසන් කර නිරෝගි රට වැසියකු රටට දායද කරන්න!
මේ විභාගය ළමයින් විනාශ කරන විභාගයක්, අවසානයේ රටට හිමිවන්නේ කෘත්‍රිම ළමා පරපුරක් විතරයි
මේක බලල තියෙන්නේ 645. ලයික් සහ ඩිස්ලයික් 3500
ඔය කෙහෙල් මල් 5 ශිෂ්‍යත්වය නිසා දරුවන්ගේ ළමා කාලය ඔවුන්ට අහිමි වෙනවා. මොලයක් තියෙනවානම් බලන්න දැන් ළමයි පොතට සිමා වෙලා ( මගේ ළමයින්ද ඇතුළුව) අඩුම ගානේ සරුංගලයක් හදාගන්න බැහැ.......... ඒකත් සල්ලි වලට ගන්න තමයි බලන්නේ. වේලක් නියරක් කුඹුරක් අඳුරන්නේ නැහැ. සෙල්ලම් කරන්නේ නැහැ අම්මයි දරුවයි 3 වසරේ ඉඳල 5 ශිෂ්‍යත්වේ ට ලැහැස්ති න්වෙනවා . මේක නවත්වන්න තිබුණේ අද නෙවෙයි දැනට අවුරුදු 15 - 20 කට කලින් බොහොම හොඳ දෙයක් මේක නැති කරපු එක.
මෙම විභාග නිසා ළමුන් හට විශාල වශයෙන් අසාධාරණකම් සිදුවනවා. සාදන මට්ටම් අඩු පාලත් වලට වැඩි සාදන මට්ටම් ඇති පලාත් වල සිසුන් නිතියානු කුලවම පැමිනිම නිසා. සරසවි වරම් අඩු සාදන මට්ටමේ පාලත් වල සිසුන් හට විශාල වශයෙන්යේන් අහිමි වෙනවා..
පහේ ශිෂත්වය විභාගය තුලින් ළමයින්ගේ ඉරණම විසදෙන ප්‍රතිශතය ඉතාම අල්පය. පහේ ශිෂත්වය ඉහලින් සමත්වෙලා ජාතික පාසැල්වලට ඇතුලත්වෙලා සා.පෙ හෝ උ.පෙ අධ්‍යාපනය අවසන් කරගත් බොහෝ පිරිස් ඉන්නවා. ඒ වගේම පහේ ශිෂත්වය අසමත්වී විශ්ව විද්‍යාලට පිවිස උසස් අධ්‍යාපන හදාරා ඉහල තනතුරවල ඉන්න පිරිසද අනන්තය. ඒ නිසා පහේ ශිෂත්ව විභාගය මතම රැදෙන්නේ නැතිව රටේ සියලුම පාසැල් දරුවට ගුණාත්මකව සමාන අධ්‍යාපයක් ලබා දීමටත් නිදහස් අධ්‍යාපනය වචනයේ අරුත අනුවම සැබැ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ලෙස පවත්වා ගැනීමත් තමයි වැදගත් වෙන්නේ.
ශිෂ්‍යත්වය ඇතත් නැතත් විදුහල්පතිලා ඔවුන්ට අවශ්‍ය අය කෙසේහෝ ජනප්‍රිය පාසැල්වලට ගන්නවා. උදාහරණයක් ලෙස මගේ බිරිඳ ගුරුවරියක්. ඇය උගත්තේ මේ ප්‍රදේශයේ දැනට ජනප්‍රිය විදුහලක. අපේ දුව මෙම පාසලට යාබද ප්‍රාථමිකයේ 5 ශිෂ්‍යත්වයට පෙනී සිටියා. නමුත් හිටපු විදුහල්පති මගේ දුව එම පාසැලට නොගත්තත් අපේ දුවට අඩුවෙන් ලකුණු ගත් අපේ දුවගේ යෙහෙලිය එම පාසැලට ගත්තා. අධ්‍යාපන සේවයේ අයට වරප්‍රසාද දෙනවා කිව්වත් එයත් නැහැ. අපේ දුව සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වුනත් උසස් පෙළ පංතියට ගත්තෙත් නැහැ. ශිෂ්‍යත්වය පමණක් නොව අධ්‍යාපන ක්‍රමයම වෙනස් විය යුතුයි.
චක්‍රලේඛන ගහනවයි එව්වා අවලංගු කරනවයි ඇරෙන්න ආව දවසේ ඉඳල අලුතින් එක පාසලක් ඇරියද වැඩි වන ජනගහනයට අනුව. නිකන් සංදර්ශන විතරයි.
ගරු ඇමති තුමනි, කාලෝචිත පියවරක්. මෙම රජය කල හොඳම දේ පාසල් අධ්‍යාපනය ගැන උනන්දු වෙලා වැරදි නිවැරදි කිරීමයි. වසර 13ක් පාසැල අනිවාර්ය කිරීම සහ සිසු රක්ෂණ ක්‍රමය ආදී දේ නිසා දෙමාපියන් ලෙස සතුටු විය හැකියි. ලංකාවේ බිහිවූ ප්‍රායෝගිකම අධ්‍යාපන ඇමති තුමා ඔබයි.
අම්මලාට ඒ කාලේ පාස් කර බැරි විභාගේ අහිංසක දරුවන් ලවා කරවා ගන්න උගුලක්
මෙවර ප්‍රථම වතාවට A නවය ගත්ත ගමේ දරුවන් බොහෝ දෙනෙකුට නෙවෙයි 95% කටම උසස් පෙළට ජාතික පාසල් වරම් දුන්නේ නැහැ