
(යොහාන් භාසුර)
නායයෑමේ අවදානම හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පාර වසා තිබෙන ස්ථානය මේ වන විට විශේෂඥයන් පිරිසක් පරික්ෂා කරමින් සිටින බවත් එම පරීක්ෂාවෙන් පසුව ඉදිරි තීරණය ප්‍රකාශ කළ හැකි බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා අද (13) පෙරවරුවේ පැවසීය.
පහළ කඩුගන්නාව නායයාමේ අවධානමට පත්ව තිබෙන ස්ථානයේ මේ දක්වා ජල කාන්දුව පවතින බවත් මාර්ගය විවෘත කිරීමේ තීරණය පරිස්සමෙන් ගත යුතු එකක් බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මෙම ස්ථානය පිළිබඳව පරීක්ෂණ කරමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd