(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මහා මැතිවරණයට තරඟ කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකඟතාවයකට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම මහා මැතිවරණයේ කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු කමිටුවක්ද පත්කර තිබේ.
ඒ අනුව එම කමිටුව විසින් මහා මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හා සකස් කිරීමට නියමිතය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (12) රාත‍්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයන් ද සහභාගීවී ඇත.
2025 දෙසැම්බර් මස 30
51
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
717
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොහොට්ටුවයි සන්ධානයයි එකතුවෙයි
Kamal Tuesday, 13 November 2018 07:20 AM
පොහොට්ටුවයි සංධානයයි එකතු වී ඇති නිසා, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් ව්‍යවස්ථානුකූල බවට අද තීරණය වේවි. ඔන්න ලංකාවේ දේශපාලනය කැරකෙන හැටි.
Hafeel Tuesday, 13 November 2018 07:43 AM
හොරුන්ට ඉතා සුභ ආරංචියක්. මැතිවරණයේ කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත නං, ප්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කරද්දී, විශේෂ මහ අධිකරණ සහ එෆ්සීඅයිඩි එක අහෝසි කරන පොරොන්දු ඇතුලත් වේවි
චන්දදායකයා Tuesday, 13 November 2018 07:47 AM
පසුගිය මැතිවරණය වගේ අගමැති මහින්දගේ අපේක්ෂකයෝ මනාපයෙන් දිනයි, එස් බී , දිලාන්ලා පැරදුනේ මෛත්‍රී සමග ඉල්ලපු නිසානේ
sirimal Tuesday, 13 November 2018 08:33 AM
රයිගමයයි, ගම්පලයයි මතක්වෙන්නේ මට විතරද?