(ප්‍රසාද් රුක්මාල්, සමන් පාලිත නානායක්කාර, නිශාන්ත කුමාර සහ ඩී.කේ. රත්න)
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර ඕබඩඇල්ල ප්‍රදේශයේදී අද (20)අලුයම දුම්රිය මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ දුම්රිය මාර්ගයට පස්කන්ද කඩා වැටී තිබෙන බවත්, මෑතකදී මෙම ස්ථානයේම විශාල පස්කන්දක් කඩා වැටී දින කීපයක් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිණ.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය දැනට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සහ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය දියතලාව දුම්රිය ස්ථානයෙ නවතා තබා ඇතැයි දුම්රිය බලධාරීහු කීහ.
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සිට දියතලාව දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මගීන් බස්රථවලින් ප්‍රවාහනය කර දියතලාව දුම්රිය ස්ථානයේ තිබෙන රාත්‍රි තැපැල් දුම්රිය යලි හරවා උඩරට මැණිකේ දුම්රිය ලෙස කොළඹ බලාත් , බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා තිබෙන උඩරට මැණිකේ දුම්රිය යලි හරවා රාත්‍රි තැපැල් දුම්රිය ලෙස බදුල්ල බලා ධාවනය කරවීමට කටයුතු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.
දැනට පවතින අධික වර්ෂාවත් සමඟ දුම්රිය මාර්ගයට කඩා වැටී තිබෙන පස්කදු ඉවත් කිරීම අපහසු යැයි දුම්රිය බලධාරීහු කීහ.
(ඡායාරූප - සමන් පාලිත නානායක්කාර)


2025 නොවැම්බර් මස 21
57
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
157
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1009
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පස් කඳු කඩා වැටී උඩරට දුම්රිය ගමනාගමනයට බාධා