IMG-LOGO

පස්සර, ඇල්ල, හල්දුම්මුල්ල ආපදා අවදානමේ

(පාලිත ආරියවංශ)
 
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්සර, ඇල්ල, හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ආපදා අවදානම් පළමුවන අදියරට අදාළ  කහ නිවේදන නිකුත් කළ බව  බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

වැසි තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ඒ අනුව ඉදිරි නිවේදන නිකුත් කරන බවද එම ඒකකය සඳහන් කළේය.

ආපදා  ආවදානම ඇතැයි හඳුනාගත් ස්ථානයන්හි ජීවත්වන පිරිසට අවධානයෙන් පසුවන්නැයිද, මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබෙන්නේ නම් ආරක්ෂිත ස්ථාන කරා යන්නැයිද උපදෙස් දී ඇත.

පොළවේ ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම්, ගිලාබැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, දුරකථන කුලුණ යනාදිය, ගොඩනැගිලිවල, ගෙබිම හා බිත්තිවල ඇතිවන පිපිරුම්, එක්වර ජල උල්පත් මතුවීම,  පැවැති ජල උල්පත් බොරවීම, අවහිර වීම හෝ නැවතීම ආදිය  නාය යාමක පූර්ව ලක්ෂණ විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙසද බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.



අදහස් (0)

පස්සර, ඇල්ල, හල්දුම්මුල්ල ආපදා අවදානමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 161 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 683 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site